Followers

Saturday, October 17, 2020

කන පිනවමු👑️

 කලින් ලිපියෙන් කතාවකින් ඔබ අතරට පැමිණියත් අද මම හිතුවා ඔබ වෙනුවෙන් මෙහෙම දෙයක් ලියන්න.ඒ තමයි ගීතයක පද ගැලපුමේ සහ සංගීත තනු නිර්මාණය ඇතුලෙ තියෙන ඒ සුසංයෝගය.එදා ලියවුන ගී වල මේ ගැලපුම බොහොම අපූරුවට දක්නට ලැබෙනවා.තනුවකට ගී පද ලියවුනු අවස්ථා ඉතාම අල්පයි.සාමන්‍යයෙන් ලියවෙන්නෙ ගී පද වලට පසුව ඊට සුදුසු තනුවක්.ඒවා එකිනෙකට ගැලපිලා ඇති ආකාරය හිතාගන්නවත් බැරි කරුණක්.

       නමුත් එදා පැවති එවන් ගීපද රචකයන්ගේ හා තනු නිර්මාපකයන්ගේ මෙන්ම එය ගායනා කිරීමෙන් ගායකයන් ඊට කරන සාධාරණය අද ඉටු නොවීම කණගාටුවට කරුණක් .ඊට යම් හේතුවක් තිබිය යුතුමයි.



 රසය ආත්මය කොටගත් වැකිය කාව්‍ය යැයි යනුවෙන් පැරණි කියමනක් තිබේ.කවිය හා කවියේ උත්පත්තිය පිළිබඳ බොහෝ දෙනා බොහෝ මත පළකරති.කවියේ උත්පත්තිය සිදුවූයේ කුමන ආකාරයකට වුවත්,අප උපන් දා සිටම කවිය,ගීතය,රිද්මය හා මුසුවුණු දිවිපෙවෙතක අපි ජීවත් වන්නෙමු.

නැලවිලි ගීයේ පටන් ම අප අවට බොහොමයක් දේ රිද්මයානුකූල ය.වැඩිමනක් නොව අප හදවතේ ගැස්ම දෙස බලන්න.එමෙන්ම ගහකින් කොළයක් වැටුන ද,දිය පහරකින් දිය බිඳක් වැටුන ද,ඒ සෑම තැනකම රිද්මයක් ඇත.ඒ රිද්මය අපේ ජීවිතය හා මුසු කිරීමෙන් කවිය,සංකල්පනාවන්,පරිකල්පනාවන් වර්ධනය වේ.වෙසෙසින් රිද්මය ආත්මබද්ධ කොටගත් හෙයින්මදෝඅපි දෛනික ජීවිතයට රිද්මය නොමසුරුව මුසු කරන්නෙමු.සීගිරි කැටපත් පවුර මත එදා ලියවුණේ එදා ඒ මිනිසුන්ගේ රිද්මීය සංකල්පනාය.


කරත්ත පඳිමින් දහදිය හෙළූ කරත්තකරුවා,පැල් රකිමින් දුක් විඳි මිනිසුන්,ගිමන් නිවා ගත්තේ ඒ දුක,රිද්මයක් බවට පත් කරමිනි.සිව් පදයෙන් ඔබ්බට ගිය තෙතඟු කවිය ජන සංගීතය තවත් රසවත් කලේය.

ජන කවියේ ජන රිද්මය ඉන් පසුව මතු පරම්පරාගත සුභාවිත සංගීතයට ද මුසු වේ.මෙහිදී අපගේ ප්‍රධාන අරමුණ වන්නේ ජන කවියේ රිද්මය සොයා යාම නොවේ.වර්තමාන කාව්‍යයේ රිද්මය සොයා යාමයි.පද සතරක කාව්‍යාත්මක රිද්මය ගීයට මුසුකළ උන් විසින් කවියට වෙනම අරුතක් ලබා දුන්හ. පද සහ අලුත් සමඟ සංගීතය මුසු වූ විට මැවෙන්නේ අමුතුම මිහිරියාවකි. කෙසේ වෙතත් මේ කවිය යැ'යි මේ ගීතය යැ'යි  ඉරි ගසා වෙන් කළ හැකි සීමා මායිම් සෙවීම නිෂ්ඵල ය.   මක්නිසාදයත් කලාව ද කලින් කලට වෙනස් වේ. කලින් කලට රිද්මයෙන් රිද්මය සුසංයෝගී වේ. නව රිද්ම රටා ගොඩනැඟේ.එය කාලයට හා නිර්මාණකරුවාට සාපේක්ෂව සිදුවන්නකි.

නිර්මාණකරුවා ස්වකීය ප්‍රකාශනය ඔහුගේ රිද්මය අනුව සිදු කරයි.නමුදු අද වන විට ශබ්ද රසය සහ අර්ථ රසය යන දෙකම නිර්මාණකරණය තුළ දක්නට ලැබෙන්නේ අභාවයට යන අයුරකිනි.සෑම නිර්මාණයක් නිර්මාණයක්ම බිහිවන්නේ නිර්මාණයක් ම බිහි වන්නේ සමාජය  ඇසුරිනි.ඒ සෑම නිර්මාණයකම රසවින්දනය සහ රසය ආත්ම බද්ධය. නමුත් අර්ථය ආත්ම බද්ධය යැයි කියමින් අත්හැරීමට අපට නොහැක.

නිර්මාණකරුවා  බිහි වන්නේ සමාජයෙන් මිස ඕපපාතිකව නොවේ. ඔහු අසන දකින සියල්ල ඔහුගේ නිර්මාණ තුළ ජීවත් වේ. එදා මහගමසේකර යෝ සිරිගුනසිංහ යෝ කවියට අලූත් හැඩයක් ලබා දෙමින් නිදහස් කවි ලියූහ.එදා නිදහස් ආරේ කවි ලියනා විට "කවිය විනාශ වේ යැ"යි කෑ ගැසූ බොහොමයකි. නමුදු අද ද නිදහස් කවිය පෝෂණය වෙමින් පවතී. ඒ කවි නිදහස් කවි ලෙස  හැඳින් වුවද ඒ තුළ රිද්මයක් මෙන්ම මෙන් ම අර්ථයක් ගැබ්ව තිබුණි.මහගමසේකරයන් ලියූ ජනගීයේ හඬ සමඟ මුසු වූ ගීත අමරදේව වැනි සංගීත වේදීන් විසින් ගැයුයේ ඒ නිසාය.


පිලේ පැදුර හේනට අරගෙන              එනවා                  එලාපැදුර හේනේ එහි               සැතපෙනවා                  රටා වියපු අත් දෙක මට සිහි            වෙනවා                  හිතේ දුකට එතකොට කවි      කියැවෙනවා

සේකර යුගයේ නිර්මාණකරුවන් කවිය, ගීතය අර්ථ රසයෙන් ඔබ්බට තැබීමට මහත් වෙහෙසක් ගත්හ.එහි අග්‍ර ඵලයක් ලෙස මහගමසේකරයන්ගේ "ප්‍රබුද්ධ" කාව්‍යය දැක්විය හැකිය.

මහගමසේකරලාගෙන් පසුවද දක්ෂ කවි පරම්පරාවන් බිහිවිය.රත්න ශ්‍රී  විජේසිංහ, ලාල් හෑගොඩ,බන්දුල නානායක්කාරවසම් එවැනි කවීන් ය.ඔවුහු අදටත් කවි ලියති. ඒවා තුළ අගනා අර්ථයන් ඇත.කෙසේ නම් අර්ථය පිළිබඳව ගැටළුවක් ඇත්තේ කොහේද ?  රසිකත්වය තුළද? රසවින්දනය තුළද?  ඒ කෙසේ වෙතත් ඔබට අද වඩාත්ම අසන්නට ලැබෙන්නේ අරුත් සුන් ගීත නොවේද?


 


සෑම යුගයකම කවි ලියවෙයි.නමුත් එම කවි ලෝකයට විවෘත නොවීම ගැටලුවකි.ඒ වෙනුවට ගුවන්විදුලියෙන් ඇසෙන්නෙ හරසුන් ගීතය .මුදල මට බොහෝ දේ තීරණය වන සමාජයක ගීතයට ද ගීතයටද අත්ව ඇත්තේ එම ඉරණම මය . මක්නිසාදයත් අද ගීත ජනප්‍රිය වන්නේ නැත. මුදල් යොදවා ජනප්‍රිය කරවයි .රූප රචනාව හා ශබ්දය හොඳ නම් ඒවා ජනප්‍රියම ගීත බවට පත් වේ. අර්ථය වැදගත් නැත.


එදා ගුවන් විදුලියේ සිටි කරුණාරත්න අබේසේකර ලාප්‍රේමකීර්ති ද අල්විස් ල ගැන අදටත් කතා කෙරේ.නමුත් එවැනි පරිකල්පනයකින් යුත් මාධ්‍ය නියමුවන් සොයාගැනීම අද  අසීරු ය.ගිරාපෝතක වංශයක අරුත් සුන් වදන් අසා සිටීමට අද අපට සිදු වී ඇත .


ගීතයක කවියක පමණක් නොව ඕනෑම කලාවක රසය මොට වීම කෙරෙහි සියලු මාධ්‍ය ආයතන වගකිව යුතුය."දඬුබස්නාමානය"  , "කඩුල්ල"වෙනි අර්ථවත් ටෙලි නාට්‍යය වෙනුවට අද දකින්නට ලැබෙන්නේ ප්‍රමිතියකින් තොර මෙගා ටෙලිනාට්‍යවලට ගොදුරු වුණු සමාජයකි .නමුත් "තක්සලාව" "අරුංගල්" වැනි ටෙලි නාට්‍යද බිහිවීම නාට්‍ය ද බිහි වීම සතුටට කරුණකි .

කෙසේ වෙතත් අවසාන වශයෙන් මෙසේ  කියන්නෙමි. අපේම  ඇත්තන්ගෙ රසවින්දනය දියුණු කිරීමට අපට කළ හැක්කේ මොනවාදැයි අපි සොයා බැලිය යුතු වෙමු.එහිදී ප්‍රමුඛත්වය ගත යුත්තේ ජනමාධ්‍යයි .නැතහොත් අපට අනාගතයේ ඉතිරි වන්නේ අරුත්  සුන් ගීත සහ රසවින්දනයක් නැති ජනතාවක් පමණි


 




 

Monday, October 5, 2020

සුද්දි.......👫





"සුද්දි.... සුද්දි....අප්පච්චි.... කෝ සුද්දි"උත්තරයක් නැති නිසා මම ඉක්මනින් ගියේ ගෙට.කළුවර කුස්සියේ තනි රකින බැළලිගේ මුස්පේන්තු සද්දෙ තොරතෝන්චියක් නැතුව ඇහෙනවා.මාත් ගියා කුස්සියට.සුද්දි ලිප ළඟ දුම් කකා ඉන්නවා.

"සුද්දි ඇහුනෙ නැද්ද කතා කරනවා"                                  කිසිම හැලහොල්මනක් නැතිව ඒකි ඒකිගෙ වැඩ.වාරු නැති කඳ දිරාගියපු පුටුවට හේත්තු කරගෙන අප්පච්චි කහට කෝප්පෙට දුක කියනවා.                                         "මට කියපන් දැන් හවස වැව ගාව කුඹුක් ගහ ළඟ මොකද වුණේ කියලා.කියපන් ඉතින්"                               හිතේ හිරකරගෙන ඉන්න බැරිම තැන මම ඇහුවා.කහට කෝප්පෙත් එක්ක තිබ්බ දැහැනෙන් මිදුණ අප්පච්චි හිස කෙළින් කර මගේ දිහා බැලුවා.ඒ නිසා ටිකකට සීමාවක් නැතිව එලියට ඒමට තිබුණ වචන මං නතර කරගත්තා.

"ලොක්කො,ඇයි මොකද වෙලා තියෙන්නෙ?මේකිට කවුරුහරි මොනවත් කියලවත්ද?"

කියන්න දේවල් නැතිව හවස සිද්දියට මම නැවත ගියෙමි.

   "යකෝ...මෙච්චර වැඩ කරලත් හරියට පඩියක් ගෙවන්නෙ නෑ.අත පය ගැලවෙනකන් ගස් පතුරු ගහනවා."පොඩ්ඩගේ කතාව එහෙම.අපි කියලා මොනවා කරන්නද.දෙන කීය හරි අතේ තියාගෙන ගෙදර ඇවිත් සුද්දි අතට දෙන්නෙ අඩුපාඩුත් ගෙනත් ඉස්කෝලේ වැඩ වලටත් කීයක් හරි තියාගනින් කියලා.අප්පච්චි බැරි බැරි ගානේ වත්තෙ උදුළුගාන්න යන්නෙ තාමත් අපි පොඩි උන් කියලා හිතන ඒ ආදරේට .දැන් ඉස්සර වගේ වාරු නැතත් ගෙදරට වෙලා ඉන්න කීවත් ඉන්නෙ නැතිව මහ පොළව එක්ක ඔට්ටු වෙන ඒ වැහැරුණ මූන , ගිලුණ ඇස් මගේ ඇස් ඉදිරිපිට මැවිලා වගේ පෙනෙන්න ගත්තා.

පියවි සිහියට ආවේ මුදලාලිගෙන් පිටට වැදුන අතුල් පහර නිසා.                                                                            "ආ මෙන්න. ඉඳා ගනින්,හෙට හය වෙනකොට වරෙන්"සද්ද නැතිව ඔලුව වනපු මම පාඩුවේ එන්න ආවා.

මුදලාලිගෙ පුතා පාර අයිනෙ ඉන්නවා මම දුර තියාම දැක්කා.වයසින් බාල වුණත් මුදලින් බොහෝ වැඩිමල් නිසා කැසපට ගහන් හිටපු සරමත් ගසලා දාලා ඔලුවත් පහත් කරගෙන මං එන්න ආවා.

"අර ඒබරංගෙ කෙල්ලට පුදුම කරකැවිල්ලක් තියෙන්නෙ.උඹලා දන්නෙ නෑ ඒවා.සතියෙන් ගොඩදාගන්න පුලුවන් පාටක් තියෙන්නෙ."

අඩි දෙකයි යන්න වුණේ.වටේම සද්ද නැවතිලා කීන් සද්දෙ විතරක් කන ඇතුලෙන් ඇහෙන්න ගත්තා.ගසලා දාපු සරම ආපහු දෙකට නවලා කැසපට ගහගත්තු මං වේලුසුමන වගේ අඩියට දෙකට මුදලාලි පුතාගේ මූන ළඟටම ආවා.                                                                       "මහත්තයෝ කා ගැනද ඒ කිව්වේ?"මං මෙහෙම ඇහුවම කට කොනට සමච්චල් හිනාවක් ගත්ත මේ ඉලන්දාරියා                                                                            "ආ.....ඇයි ඒ උඹේ කිරිල්ලිද?තටු බැඳලවත් තියාගනින් එහෙනන්.ඒකි කොණ්ඩ කිරිල්ලියක්."

එතන ඉලන්දාරි හයක් හතක් ඉන්න ඇති.ඒත් ආපු කේන්තියට මුදලාලි පුතාගේ කොලරය මිටි කරලා අල්ලලා ඇදලා ගත්තු මම ගෝනෙක් මරන් කන්න යන කොටියෙක් වගේ                                                                            "ඒ මගේ නංගි යකෝ ඒ මගේ නංගි.එක කුස ඉපදිච්ච එකී"                                                                       කඳුලු වැක්කෙරුනෙ ඉබේටම.දුකත් කේන්තියත් වචන වලට පෙරලලා මුදාහැරපු මම කොලරය අතහැරලා "සමාවෙන්න මහත්තයෝ" කියලා කිව්වේ රස්සාව නැතිවෙයි කියලා හිතුන බයට.                             "ඒකට කමක් නෑ.අනේ සමාවෙන්න අයියෙ මටත්.දැනගෙන හිටියෙ නෑ."                                                 "දැනගත්තනන් මහත්තයා කියන්නෙත් නෑනේ."           මාව අල්ලන්න පැනපු සහචර කල්ලියත් මේ වෙච්ච සිදුවීම නිසා පැත්තකට වුණා.මුදලාලි පුතා අකුරක් නෑරම හැමදේම කිව්වා.ඒවාගෙන් කන් පුරෝගෙන මමත් ඔහේ ගෙදර ආවා.

*"ආ අයියෙ කහට..."ආපහු සුද්දි කතාකරනවා."සුද්දි මට උඹ එක්ක ටිකක් කතා කරන්න ඕන."                        "මොනවා කතාකරන්නද?මටනන් කතාකරන්න දේවල් නෑ.අනික කොච්චර කියලා වැඩ තියෙනවද කරන්න"                                                                                 ඇට නැති දිව හරව හරව කියපු ඒ කතාවෙ අවසානෙ වුණේ මගේ අත සුද්දිගෙ කම්මුල පිරිමැදීමෙනුයි.           "උඹට මොන යකෙක් වැහිලද?"                                          අප්පච්චිත් නැගිටලා මාව පැත්තකට තල්ලු කළා.සුද්දි ඉකිබිඳිනවා.                                                                        "උඹට මා එක්ක කතා කරන්න බෑ.ගමේ උන්ට උකුලු මුකුලු කරන්න පුලුවන්."                                                      "ලොක්කො නවත්තපන් ඕක...මැරෙන්න කිට්ටුවෙලා ඉන්න මට නිදහසේ සැනසීමෙ ඇස් දෙක පියාගන්නවත් දෙන්න එපා තොපි.උඹ මේකිව බලාගන්නෙ මෙහෙමද?"                                                    "අප්පච්චි මේකිට මං අඩුවක් කරලා නෑ.මගෙ උන් මා එක්ක මේකිගෙ හැඩ කියද්දි මං ආඩම්බර වුණා."

එතනින් එහාට මං මුකුත්ම කිව්වෙ නෑ.

අප්පච්චි ඉස්සරහ ඉස්තෝප්පුව උඩට වුණා.මම ගේ ඉස්සරහා අඹ ගහ යට බංකුවට වුණා.සුද්දි කාමරේට වුණා.පැය බාගයක් විතර ගෙවිලා ගියා.හයියෙන් හුස්මක් පිටකරපු මං වරිච්චි බිත්ති වටකරපු ඒකිගෙ කාමරේට හිස පෙව්වා.                                                         ඒකි තාමත් හූල්ලනවා.ළඟට ගිය මම ඒකිගෙ ඔලුව අතගෑවේ පුදුම ආදරේකින්.හීලෑවෙච්ච හා පැටියෙක් වගේ මගෙ පපුව ඇතුලේ සුද්දි මූණ හැංගුවා.

    "සුද්දි අහපන් , අම්මා නැති උඹ පිරිමි දෙන්නෙක් එක්ක හැදුවේ.මං ගෙදර නැවතිලා කැලේ බඩගාන්නේ අප්පච්චි දැන් තනියම ඔට්ටුවෙන්න පුලුවන් තැනක නැති හින්දා."                                                                           "උඹ ඉගෙනගන්න එක බලලා බන් මං ජීවත් වෙන්නෙ.උඹවත් මේ නරකාදියෙන් ගොඩ යනවා බලන්න."

 " මං උඹේ අයියා.මට රිදෙනවා උඹට වැරැද්දක් වෙනවා නම්.......  "                                                                             " සුද්දි , මේ අයියව තේරුන්ගනින්.උඹ ගැන දකින හීන නැතිකරන්න එපා.මං...මං මාව දැක්කෙ උඹෙන්.ඉගෙනගනින් හොඳට.ඔය උකුළු මුකුළු උඹට ගැළපෙන්නෙ නෑ."

කම්මුල් දෙකෙන් අල්ලලා මූණ ඉස්සරහට අරං කඳුලු වලට තෙමිලා තිබ්බ හැටි දැක්කම මට මාවම එපා වුණා.

"උඹට තේරුනාද?...."එච්චරමයි මම ඇහුවේ.ඒකි ආපහු කඳුලු පුරෝගන්නවා දැක්කම ආපහු ඒකිව මං මගේ කෑගහල අඬන පපුවටම තුරුල් කරගත්තා....... 

වටාපතින් එපිට ට ගියෙමි

ඇස් වල කෙවෙනි පිය වෙනකං ඒ පඩිපෙළ දිහා බලන් ඉදල ඉදල බැරිම තැන මම යන්න කියල කල්පනා කලා ... බලා සිටීමත් ප්‍රේමයක් උනත් මට මෙය විටෙක කලකිරීමක් ව...