ඇස් වල කෙවෙනි පිය වෙනකං ඒ පඩිපෙළ දිහා බලන් ඉදල ඉදල බැරිම තැන මම යන්න කියල කල්පනා කලා ... බලා සිටීමත් ප්‍රේමයක් උනත් මට මෙය විටෙක කලකිරීමක් වුනා...
යන්න හදනකොටම කවුදෝ පිටිපස්සෙන් හරීම නිවිච්ච හඬින් කතාකරනව දැක්ක ගමන් මට හරිම සතුටක් දැනුණා...
කතා කරන්න පුලුවන් ද පොඩ්ඩක් .....
ඔව් පුලුවන් කියන්න හාමුදුරුවො...
මෙහ් මං කතාකරන්න ඕනි කියලම තමා හිටියෙ .. නම්බර් එක දෙන්න පුලුවන්ද කමක් නැද්ද...
අපෝ පුලුවන් හාමුදුරුවෝ ... දාගන්න...
එහෙම කියල මම ඉක්මන් අඩි තියල මට පුලුවන් තරම් වේගෙන් එතනින් ගියා..හේතුව බලා හිදීම නිසා ඇතිවී තිබූ කේන්තිය. බස් එකෙත් හිරවි හිරවි දාඩිය පෙරි පෙරීඇවිත් හංදියෙන් බැහැලා කොලපාට අකුරු 4කට අතදාලා ටැක්සී... මේ පාරෙන් යං කියල...කොහේදෝ යන ඒ නාඳුනන මනුස්සයත් එක්ක මම එන්න ආවා...
කෝල් කොපමණ ආවත් ඒ එකදු කෝල් එකක් ගැනවත් තැකීමක් කරන්න අවශ්‍ය නොවුන නිසාදෝ මා වේගයෙන් මා පසුකර යන ගස් දෙසට ම අවධානය දුන්නා...
ඔහොම නවත්තන්න...
ආ මෙනන් අයියෙ ගාන.. බොහොම ස්තූති...හිත පුර පිරිච්ච අවංක හිනාවක් ඔහු වෙනුවෙන් සංග්‍රහ කරන්න මං දෙපාරක් හිතන්නෙ නෑ...
අම්මා කොහෙද...අදනන් එපා වෙලා ඉන්නෙ බස් එකේ ඇවිත්..
අම්මට මං කිව්වට ඒ ගැන ඒ හැටි අවධානයක් දුන්න වගක් ඇගේ සුදුමැලි මුහුනෙන් මට පෙනුනෙ නෑ..ඒ නිසා කරබාගෙන කාමරයට ගිහින් සැහැල්ලුවෙන් හුස්ම ගත්තා...
කෝල් එකක්... අරං බලනකොට දන්නෙ නැති නම්බර් එකක්...කෝකටත් මොකද..මං මිනිස්සුන්ට වැරැද්දක් කරල නෑනේ ඒ නිසා තරහ කාරයෝ නෑ... එහෙම හිතලා ෆෝන් එක අරං කනේ තියාගත්තා..
අක්කෙ මම ..
මම කීවේ..
පොඩි හාමුදුරුවෝ ...
ආ.... කියන්න හාමුදුරුවො...
......................................................
එහෙම පටන්ගත්ත කතාව... අද විවාහයක් වෙනකං ඇවිත්... නෑදෑයෝ කිසිවෙක් නැතිව දෙමාපිය කැමැත්ත නැතිව විවාහයක් දක්වාම මේ කතාව ඇවිත්..
මිනිස්සු දන්නෙ පිටින් පේන දේ විතරයි... හාමුදුරු කෙනෙක් ගැන උනත් එහෙමයි .. ඇයි ඒ මිනිස්සු අපි වගේම මිනිස්සු නෙවෙයිද... ඇත්ත මිනිස්සු තමයි.. හැබැයි සිවුර....
ඒක තමා ප්‍රශ්නේ..
මේ සිවුර ඇඳගෙන කී දාහක් චීවරධාරීන් වැරදි කරනවද ඇයි ඒ...හේතු නැතිව නිරුත්තර වෙනව නේද..හේතුව තමයි.. නොසුදුසු බව දැන දැනත්...තන්හාවෙන් අල්ලගෙන ඉන්න එක.. අපිත් මොනතරම් නම් දේවල් බලාපොරොත්තු වෙනවද...
ඒත් ඉන්නකම් ශීලේ පිහිටල ඉන්න බැරි බව දැනගෙන අයින් වෙන එක... ඒක නරකයි කියල මමනන් කොයිම විදිහකවත් හිතන්නෙ නෑ...
චූටී මැණිකේ......
ඔඔ....
එන්න ..
හොදින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරමු..
යාලුවො හැමෝම හරි ආදරෙන් වැලදගත්තා... මං හිතපු නැති තරම් උන් මට ආදරේ කරල තිබ්බ කියල ඒ ඇස් වල තිබ්බ කඳුලු සාක්ශි දුන්නා..
මං දන්නව ... සමාජෙන් අනන්තවත් කතා අහන්න ලැබෙයි .. හැබැයි මම දන්නව...මට මේ ලෝකේ සන්සුන් මනසක් තියෙන .. . හැමදේම තේරුන් ගන්න... අවංක...බොරු නොකරන... හිත හයිය... ඕනිම දෙයක් දරාගන්න පුලුවන්.. ආදරනීයම සැමියෙක් හමුවෙලා තියෙන වග... ඉතින් ගගෙන් එතර වෙන්න උදව් උණ ඔරුව ගංඉවුරෙන් තියල අපි අපේ ගමන යමු.. අපේ දෙපා වල හයිය අරං
ඇත්ත ඔහු හිනාවෙන එකම මට හයියක්
No comments:
Post a Comment