"සුද්දි.... සුද්දි....අප්පච්චි.... කෝ සුද්දි"උත්තරයක් නැති නිසා මම ඉක්මනින් ගියේ ගෙට.කළුවර කුස්සියේ තනි රකින බැළලිගේ මුස්පේන්තු සද්දෙ තොරතෝන්චියක් නැතුව ඇහෙනවා.මාත් ගියා කුස්සියට.සුද්දි ලිප ළඟ දුම් කකා ඉන්නවා.
"සුද්දි ඇහුනෙ නැද්ද කතා කරනවා" කිසිම හැලහොල්මනක් නැතිව ඒකි ඒකිගෙ වැඩ.වාරු නැති කඳ දිරාගියපු පුටුවට හේත්තු කරගෙන අප්පච්චි කහට කෝප්පෙට දුක කියනවා. "මට කියපන් දැන් හවස වැව ගාව කුඹුක් ගහ ළඟ මොකද වුණේ කියලා.කියපන් ඉතින්" හිතේ හිරකරගෙන ඉන්න බැරිම තැන මම ඇහුවා.කහට කෝප්පෙත් එක්ක තිබ්බ දැහැනෙන් මිදුණ අප්පච්චි හිස කෙළින් කර මගේ දිහා බැලුවා.ඒ නිසා ටිකකට සීමාවක් නැතිව එලියට ඒමට තිබුණ වචන මං නතර කරගත්තා.
"ලොක්කො,ඇයි මොකද වෙලා තියෙන්නෙ?මේකිට කවුරුහරි මොනවත් කියලවත්ද?"
කියන්න දේවල් නැතිව හවස සිද්දියට මම නැවත ගියෙමි.
"යකෝ...මෙච්චර වැඩ කරලත් හරියට පඩියක් ගෙවන්නෙ නෑ.අත පය ගැලවෙනකන් ගස් පතුරු ගහනවා."පොඩ්ඩගේ කතාව එහෙම.අපි කියලා මොනවා කරන්නද.දෙන කීය හරි අතේ තියාගෙන ගෙදර ඇවිත් සුද්දි අතට දෙන්නෙ අඩුපාඩුත් ගෙනත් ඉස්කෝලේ වැඩ වලටත් කීයක් හරි තියාගනින් කියලා.අප්පච්චි බැරි බැරි ගානේ වත්තෙ උදුළුගාන්න යන්නෙ තාමත් අපි පොඩි උන් කියලා හිතන ඒ ආදරේට .දැන් ඉස්සර වගේ වාරු නැතත් ගෙදරට වෙලා ඉන්න කීවත් ඉන්නෙ නැතිව මහ පොළව එක්ක ඔට්ටු වෙන ඒ වැහැරුණ මූන , ගිලුණ ඇස් මගේ ඇස් ඉදිරිපිට මැවිලා වගේ පෙනෙන්න ගත්තා.
පියවි සිහියට ආවේ මුදලාලිගෙන් පිටට වැදුන අතුල් පහර නිසා. "ආ මෙන්න. ඉඳා ගනින්,හෙට හය වෙනකොට වරෙන්"සද්ද නැතිව ඔලුව වනපු මම පාඩුවේ එන්න ආවා.
මුදලාලිගෙ පුතා පාර අයිනෙ ඉන්නවා මම දුර තියාම දැක්කා.වයසින් බාල වුණත් මුදලින් බොහෝ වැඩිමල් නිසා කැසපට ගහන් හිටපු සරමත් ගසලා දාලා ඔලුවත් පහත් කරගෙන මං එන්න ආවා.
"අර ඒබරංගෙ කෙල්ලට පුදුම කරකැවිල්ලක් තියෙන්නෙ.උඹලා දන්නෙ නෑ ඒවා.සතියෙන් ගොඩදාගන්න පුලුවන් පාටක් තියෙන්නෙ."
අඩි දෙකයි යන්න වුණේ.වටේම සද්ද නැවතිලා කීන් සද්දෙ විතරක් කන ඇතුලෙන් ඇහෙන්න ගත්තා.ගසලා දාපු සරම ආපහු දෙකට නවලා කැසපට ගහගත්තු මං වේලුසුමන වගේ අඩියට දෙකට මුදලාලි පුතාගේ මූන ළඟටම ආවා. "මහත්තයෝ කා ගැනද ඒ කිව්වේ?"මං මෙහෙම ඇහුවම කට කොනට සමච්චල් හිනාවක් ගත්ත මේ ඉලන්දාරියා "ආ.....ඇයි ඒ උඹේ කිරිල්ලිද?තටු බැඳලවත් තියාගනින් එහෙනන්.ඒකි කොණ්ඩ කිරිල්ලියක්."
එතන ඉලන්දාරි හයක් හතක් ඉන්න ඇති.ඒත් ආපු කේන්තියට මුදලාලි පුතාගේ කොලරය මිටි කරලා අල්ලලා ඇදලා ගත්තු මම ගෝනෙක් මරන් කන්න යන කොටියෙක් වගේ "ඒ මගේ නංගි යකෝ ඒ මගේ නංගි.එක කුස ඉපදිච්ච එකී" කඳුලු වැක්කෙරුනෙ ඉබේටම.දුකත් කේන්තියත් වචන වලට පෙරලලා මුදාහැරපු මම කොලරය අතහැරලා "සමාවෙන්න මහත්තයෝ" කියලා කිව්වේ රස්සාව නැතිවෙයි කියලා හිතුන බයට. "ඒකට කමක් නෑ.අනේ සමාවෙන්න අයියෙ මටත්.දැනගෙන හිටියෙ නෑ." "දැනගත්තනන් මහත්තයා කියන්නෙත් නෑනේ." මාව අල්ලන්න පැනපු සහචර කල්ලියත් මේ වෙච්ච සිදුවීම නිසා පැත්තකට වුණා.මුදලාලි පුතා අකුරක් නෑරම හැමදේම කිව්වා.ඒවාගෙන් කන් පුරෝගෙන මමත් ඔහේ ගෙදර ආවා.
*"ආ අයියෙ කහට..."ආපහු සුද්දි කතාකරනවා."සුද්දි මට උඹ එක්ක ටිකක් කතා කරන්න ඕන." "මොනවා කතාකරන්නද?මටනන් කතාකරන්න දේවල් නෑ.අනික කොච්චර කියලා වැඩ තියෙනවද කරන්න" ඇට නැති දිව හරව හරව කියපු ඒ කතාවෙ අවසානෙ වුණේ මගේ අත සුද්දිගෙ කම්මුල පිරිමැදීමෙනුයි. "උඹට මොන යකෙක් වැහිලද?" අප්පච්චිත් නැගිටලා මාව පැත්තකට තල්ලු කළා.සුද්දි ඉකිබිඳිනවා. "උඹට මා එක්ක කතා කරන්න බෑ.ගමේ උන්ට උකුලු මුකුලු කරන්න පුලුවන්." "ලොක්කො නවත්තපන් ඕක...මැරෙන්න කිට්ටුවෙලා ඉන්න මට නිදහසේ සැනසීමෙ ඇස් දෙක පියාගන්නවත් දෙන්න එපා තොපි.උඹ මේකිව බලාගන්නෙ මෙහෙමද?" "අප්පච්චි මේකිට මං අඩුවක් කරලා නෑ.මගෙ උන් මා එක්ක මේකිගෙ හැඩ කියද්දි මං ආඩම්බර වුණා."
එතනින් එහාට මං මුකුත්ම කිව්වෙ නෑ.
අප්පච්චි ඉස්සරහ ඉස්තෝප්පුව උඩට වුණා.මම ගේ ඉස්සරහා අඹ ගහ යට බංකුවට වුණා.සුද්දි කාමරේට වුණා.පැය බාගයක් විතර ගෙවිලා ගියා.හයියෙන් හුස්මක් පිටකරපු මං වරිච්චි බිත්ති වටකරපු ඒකිගෙ කාමරේට හිස පෙව්වා. ඒකි තාමත් හූල්ලනවා.ළඟට ගිය මම ඒකිගෙ ඔලුව අතගෑවේ පුදුම ආදරේකින්.හීලෑවෙච්ච හා පැටියෙක් වගේ මගෙ පපුව ඇතුලේ සුද්දි මූණ හැංගුවා.
"සුද්දි අහපන් , අම්මා නැති උඹ පිරිමි දෙන්නෙක් එක්ක හැදුවේ.මං ගෙදර නැවතිලා කැලේ බඩගාන්නේ අප්පච්චි දැන් තනියම ඔට්ටුවෙන්න පුලුවන් තැනක නැති හින්දා." "උඹ ඉගෙනගන්න එක බලලා බන් මං ජීවත් වෙන්නෙ.උඹවත් මේ නරකාදියෙන් ගොඩ යනවා බලන්න."
" මං උඹේ අයියා.මට රිදෙනවා උඹට වැරැද්දක් වෙනවා නම්....... " " සුද්දි , මේ අයියව තේරුන්ගනින්.උඹ ගැන දකින හීන නැතිකරන්න එපා.මං...මං මාව දැක්කෙ උඹෙන්.ඉගෙනගනින් හොඳට.ඔය උකුළු මුකුළු උඹට ගැළපෙන්නෙ නෑ."
කම්මුල් දෙකෙන් අල්ලලා මූණ ඉස්සරහට අරං කඳුලු වලට තෙමිලා තිබ්බ හැටි දැක්කම මට මාවම එපා වුණා.
"උඹට තේරුනාද?...."එච්චරමයි මම ඇහුවේ.ඒකි ආපහු කඳුලු පුරෝගන්නවා දැක්කම ආපහු ඒකිව මං මගේ කෑගහල අඬන පපුවටම තුරුල් කරගත්තා.......


Great one
ReplyDeleteThankuuu....😘😘😘
Delete😍😍
ReplyDelete👆👆❤
ReplyDelete😘👑️
Deleteමලින් නොවුනත් ලස්සන ගෙතුමක්☺️
ReplyDelete😘
Delete🤗🤗🤗🤗
ReplyDelete😘👑️
Deleteශෝක්....✌️
ReplyDeleteශෝක්.......✌️
ReplyDeleteසුලබ කතාවක් දුලබ විදිහට.
ReplyDeleteසුලබ කතාවක් දුලබ විදිහට.
ReplyDelete😘
Delete🤘👌
ReplyDelete👑️
Delete🖤🖤
ReplyDeleteමරූ
ReplyDelete❤️❤️❤️❤️
ReplyDelete❤️❤️👌✌️
ReplyDeleteSupiriyak
ReplyDeleteකතන්දරකාරි🌼
ReplyDelete