කලින් ලිපියෙන් කතාවකින් ඔබ අතරට පැමිණියත් අද මම හිතුවා ඔබ වෙනුවෙන් මෙහෙම දෙයක් ලියන්න.ඒ තමයි ගීතයක පද ගැලපුමේ සහ සංගීත තනු නිර්මාණය ඇතුලෙ තියෙන ඒ සුසංයෝගය.එදා ලියවුන ගී වල මේ ගැලපුම බොහොම අපූරුවට දක්නට ලැබෙනවා.තනුවකට ගී පද ලියවුනු අවස්ථා ඉතාම අල්පයි.සාමන්‍යයෙන් ලියවෙන්නෙ ගී පද වලට පසුව ඊට සුදුසු තනුවක්.ඒවා එකිනෙකට ගැලපිලා ඇති ආකාරය හිතාගන්නවත් බැරි කරුණක්.
නමුත් එදා පැවති එවන් ගීපද රචකයන්ගේ හා තනු නිර්මාපකයන්ගේ මෙන්ම එය ගායනා කිරීමෙන් ගායකයන් ඊට කරන සාධාරණය අද ඉටු නොවීම කණගාටුවට කරුණක් .ඊට යම් හේතුවක් තිබිය යුතුමයි.
රසය ආත්මය කොටගත් වැකිය කාව්‍ය යැයි යනුවෙන් පැරණි කියමනක් තිබේ.කවිය හා කවියේ උත්පත්තිය පිළිබඳ බොහෝ දෙනා බොහෝ මත පළකරති.කවියේ උත්පත්තිය සිදුවූයේ කුමන ආකාරයකට වුවත්,අප උපන් දා සිටම කවිය,ගීතය,රිද්මය හා මුසුවුණු දිවිපෙවෙතක අපි ජීවත් වන්නෙමු.
නැලවිලි ගීයේ පටන් ම අප අවට බොහොමයක් දේ රිද්මයානුකූල ය.වැඩිමනක් නොව අප හදවතේ ගැස්ම දෙස බලන්න.එමෙන්ම ගහකින් කොළයක් වැටුන ද,දිය පහරකින් දිය බිඳක් වැටුන ද,ඒ සෑම තැනකම රිද්මයක් ඇත.ඒ රිද්මය අපේ ජීවිතය හා මුසු කිරීමෙන් කවිය,සංකල්පනාවන්,පරිකල්පනාවන් වර්ධනය වේ.වෙසෙසින් රිද්මය ආත්මබද්ධ කොටගත් හෙයින්මදෝඅපි දෛනික ජීවිතයට රිද්මය නොමසුරුව මුසු කරන්නෙමු.සීගිරි කැටපත් පවුර මත එදා ලියවුණේ එදා ඒ මිනිසුන්ගේ රිද්මීය සංකල්පනාය.
කරත්ත පඳිමින් දහදිය හෙළූ කරත්තකරුවා,පැල් රකිමින් දුක් විඳි මිනිසුන්,ගිමන් නිවා ගත්තේ ඒ දුක,රිද්මයක් බවට පත් කරමිනි.සිව් පදයෙන් ඔබ්බට ගිය තෙතඟු කවිය ජන සංගීතය තවත් රසවත් කලේය.
ජන කවියේ ජන රිද්මය ඉන් පසුව මතු පරම්පරාගත සුභාවිත සංගීතයට ද මුසු වේ.මෙහිදී අපගේ ප්‍රධාන අරමුණ වන්නේ ජන කවියේ රිද්මය සොයා යාම නොවේ.වර්තමාන කාව්‍යයේ රිද්මය සොයා යාමයි.පද සතරක කාව්‍යාත්මක රිද්මය ගීයට මුසුකළ උන් විසින් කවියට වෙනම අරුතක් ලබා දුන්හ. පද සහ අලුත් සමඟ සංගීතය මුසු වූ විට මැවෙන්නේ අමුතුම මිහිරියාවකි. කෙසේ වෙතත් මේ කවිය යැ'යි මේ ගීතය යැ'යි ඉරි ගසා වෙන් කළ හැකි සීමා මායිම් සෙවීම නිෂ්ඵල ය. මක්නිසාදයත් කලාව ද කලින් කලට වෙනස් වේ. කලින් කලට රිද්මයෙන් රිද්මය සුසංයෝගී වේ. නව රිද්ම රටා ගොඩනැඟේ.එය කාලයට හා නිර්මාණකරුවාට සාපේක්ෂව සිදුවන්නකි.
නිර්මාණකරුවා ස්වකීය ප්රකාශනය ඔහුගේ රිද්මය අනුව සිදු කරයි.නමුදු අද වන විට ශබ්ද රසය සහ අර්ථ රසය යන දෙකම නිර්මාණකරණය තුළ දක්නට ලැබෙන්නේ අභාවයට යන අයුරකිනි.සෑම නිර්මාණයක් නිර්මාණයක්ම බිහිවන්නේ නිර්මාණයක් ම බිහි වන්නේ සමාජය ඇසුරිනි.ඒ සෑම නිර්මාණයකම රසවින්දනය සහ රසය ආත්ම බද්ධය. නමුත් අර්ථය ආත්ම බද්ධය යැයි කියමින් අත්හැරීමට අපට නොහැක.
නිර්මාණකරුවා බිහි වන්නේ සමාජයෙන් මිස ඕපපාතිකව නොවේ. ඔහු අසන දකින සියල්ල ඔහුගේ නිර්මාණ තුළ ජීවත් වේ. එදා මහගමසේකර යෝ සිරිගුනසිංහ යෝ කවියට අලූත් හැඩයක් ලබා දෙමින් නිදහස් කවි ලියූහ.එදා නිදහස් ආරේ කවි ලියනා විට "කවිය විනාශ වේ යැ"යි කෑ ගැසූ බොහොමයකි. නමුදු අද ද නිදහස් කවිය පෝෂණය වෙමින් පවතී. ඒ කවි නිදහස් කවි ලෙස හැඳින් වුවද ඒ තුළ රිද්මයක් මෙන්ම මෙන් ම අර්ථයක් ගැබ්ව තිබුණි.මහගමසේකරයන් ලියූ ජනගීයේ හඬ සමඟ මුසු වූ ගීත අමරදේව වැනි සංගීත වේදීන් විසින් ගැයුයේ ඒ නිසාය.
පිලේ පැදුර හේනට අරගෙන එනවා එලාපැදුර හේනේ එහි සැතපෙනවා රටා වියපු අත් දෙක මට සිහි වෙනවා හිතේ දුකට එතකොට කවි කියැවෙනවා
සේකර යුගයේ නිර්මාණකරුවන් කවිය, ගීතය අර්ථ රසයෙන් ඔබ්බට තැබීමට මහත් වෙහෙසක් ගත්හ.එහි අග්‍ර ඵලයක් ලෙස මහගමසේකරයන්ගේ "ප්රබුද්ධ" කාව්‍යය දැක්විය හැකිය.
මහගමසේකරලාගෙන් පසුවද දක්ෂ කවි පරම්පරාවන් බිහිවිය.රත්න ශ්‍රී විජේසිංහ, ලාල් හෑගොඩ,බන්දුල නානායක්කාරවසම් එවැනි කවීන් ය.ඔවුහු අදටත් කවි ලියති. ඒවා තුළ අගනා අර්ථයන් ඇත.කෙසේ නම් අර්ථය පිළිබඳව ගැටළුවක් ඇත්තේ කොහේද ? රසිකත්වය තුළද? රසවින්දනය තුළද? ඒ කෙසේ වෙතත් ඔබට අද වඩාත්ම අසන්නට ලැබෙන්නේ අරුත් සුන් ගීත නොවේද?
සෑම යුගයකම කවි ලියවෙයි.නමුත් එම කවි ලෝකයට විවෘත නොවීම ගැටලුවකි.ඒ වෙනුවට ගුවන්විදුලියෙන් ඇසෙන්නෙ හරසුන් ගීතය .මුදල මට බොහෝ දේ තීරණය වන සමාජයක ගීතයට ද ගීතයටද අත්ව ඇත්තේ එම ඉරණම මය . මක්නිසාදයත් අද ගීත ජනප්‍රිය වන්නේ නැත. මුදල් යොදවා ජනප්‍රිය කරවයි .රූප රචනාව හා ශබ්දය හොඳ නම් ඒවා ජනප්‍රියම ගීත බවට පත් වේ. අර්ථය වැදගත් නැත.
එදා ගුවන් විදුලියේ සිටි කරුණාරත්න අබේසේකර ලාප්රේමකීර්ති ද අල්විස් ල ගැන අදටත් කතා කෙරේ.නමුත් එවැනි පරිකල්පනයකින් යුත් මාධ්‍ය නියමුවන් සොයාගැනීම අද අසීරු ය.ගිරාපෝතක වංශයක අරුත් සුන් වදන් අසා සිටීමට අද අපට සිදු වී ඇත .
ගීතයක කවියක පමණක් නොව ඕනෑම කලාවක රසය මොට වීම කෙරෙහි සියලු මාධ්‍ය ආයතන වගකිව යුතුය."දඬුබස්නාමානය" , "කඩුල්ල"වෙනි අර්ථවත් ටෙලි නාට්‍යය වෙනුවට අද දකින්නට ලැබෙන්නේ ප්‍රමිතියකින් තොර මෙගා ටෙලිනාට්‍යවලට ගොදුරු වුණු සමාජයකි .නමුත් "තක්සලාව" "අරුංගල්" වැනි ටෙලි නාට්‍යද බිහිවීම නාට්‍ය ද බිහි වීම සතුටට කරුණකි .
කෙසේ වෙතත් අවසාන වශයෙන් මෙසේ කියන්නෙමි. අපේම ඇත්තන්ගෙ රසවින්දනය දියුණු කිරීමට අපට කළ හැක්කේ මොනවාදැයි අපි සොයා බැලිය යුතු වෙමු.එහිදී ප්‍රමුඛත්වය ගත යුත්තේ ජනමාධ්‍යයි .නැතහොත් අපට අනාගතයේ ඉතිරි වන්නේ අරුත් සුන් ගීත සහ රසවින්දනයක් නැති ජනතාවක් පමණි



Best
ReplyDeleteSuperb❤️👌
ReplyDeletewow❤️✌️
ReplyDeleteGreat job 👍
ReplyDelete👍❤️
ReplyDeleteGood job 👍❤️
ReplyDeleteRahai
ReplyDeleteGood..👍
ReplyDeleteWow
ReplyDelete👌👍
ReplyDelete👍👍👍👍
ReplyDelete👍👍👍
ReplyDelete👍👍👍💪❤️
ReplyDeleteGreat
ReplyDeleteNiyamai💛
ReplyDeleteInteresting ❤️
ReplyDeleteGreat
ReplyDeleteGreat
ReplyDeleteSuper 👍
ReplyDelete