Job එකක් කරන්න අරන් දැන් අවුරුද්දකට වැඩි ඇති..ඒත් කවමදාවත් ගෙදර වැඩ නොබලා ඉදලා නෑ..උදේ වරුවේ සිදුවූ එක්තරා සිදුවීමක් මගේ සිත මීට වසර ගණනාවකට එහා සිදුවූ යම් යම් සිදුවීම් යලි සිහියට නගන්නට හේතුවක් වුනා.
ආ....තේ එකවත් බොන්නෙ නැද්ද...ඊයෙ රෑට කෑවෙත් නෑ...නිකන් ඉදලා ගෑස්ටික් හදාගන්නකෝ...
අද කන්න බෑ මට බඩගින්නක් නෑ...පරක්කුවෙලා..යන්න ඕනි..කඩෙන් කන්නන්..
හ්ම්ම්ම්ම්....එහෙම හුස්මක් ගත්තු මම තේ එකයි උදේට කන්න එයාට බෙදපු බත් එකයි අරගෙන කුස්සියට ගියා...
ඒක ඒ විදිහටම තියලා...ටික ටික ආදරෙන් පිරෙන කුස දිහා ආදරෙන් බලපු මට අපේ අම්මා නංගිව කුසේ තියන් ආදරේ කරපු හැටි මතක් වුනා...මගෙ අම්මා වැඩ කලේ ගාමන්ට් එකක.එතනින් හම්බුනු පඩියෙන් තමා අම්මා මටයි නංගිටයි දෙන්නටම ඉගැන්නුවෙ.
ඒවා හිතේ කොනකින් තියපු මට එක පාරටම පෙනුනෙ එයා නොකා තියලා ගිය බත් එක...ඒක අතට ගත්තු මං ආසාවෙන් කෑවා..ඒත් ඉබේම කදුලුත් වැක්කෙරෙන්න ගත්තා...එයාගෙ අම්ම දැක්කොත් කලබල වෙයි කියලා හිතලා...ඉක්මනට අතත් හෝදගෙනම එලියෙ අඹ ගහ යට බංකුවට ගියා..නිවාඩු දවස් වලට මෙතන තරම් රැඳෙන තැනක් නැති තරම්. ඒ උදේ සනීපෙට ඇඟ දැවටෙන සුළං රැළිත් එක්ක කල්පනා ලෝකෙක අතරමං වෙන්න වැඩිවෙලාවක් ගියෙ නෑ...
තත්තා ආවම බත් කන්න කියන්න හාමිනේ...
කියපු අම්මා...නංගිත් එක්ක ඇඳට ගියා. රෑ වෙලා ආපු තාත්තා කෙලින්ම ආවෙ කුස්සියට...ටිකක් වැඩිවෙලා වගේ කියලා ඒ වෙලාවෙ ආපු සුවදින් මට තේරුන නිසා වැඩි කතාවට ගියෙ නෑ...ඒත් ඔහු බොහොම උජාරුවට පුටුවට බර දීලා මහ හඬින් ජෝතිපාලගෙ සිංදුවක් කිව්වා...
තාත්තෙ බත් කන්න...මං කිව්වෙ එච්චරයි...නැගිටපු තාත්තා..වචන දෙකයි. පිඟානත් එක්ක එලියට විසිකලා...තක්බීරි වෙලා බලා සිටි මා නිහඬවම සිටියා..ඒත් හූනෙක්ගෙවත් කිසිම සද්දයක් නොතිබ්බ ඒ රෑ අම්ම ඉකිගහනවා මට ඇහුනා...මං කියලා මොනවා කරන්නද?...
පහුවදා උදේ නැගිටිනකොට අම්ම වැඩට ගිහින්...උයලා එහෙම...තාත්තා එක්ක මමත් නංගිත් හොදට කාලා පාසලට ගියා..
අම්මා එන්නෙ දවල් 2ට. තාත්තත් කොහේදෝ ගිහින් ඇවිත් හිටියා....එදත් සිරිත් පරිදි බත් එක පිගානත් එක්කම එලියට.
ඇයි ඒකිට බෙදන්න බැරිද...උඹට බෙදන්න කියන්නෙ.අත පය කොර වෙලාද...
නිමක් නැති කතන්දර.....
ඒත් අදටත් අම්මා බත් එක බෙදලා තියනවා..ඒ තමයි අම්මා...නොකා ගිය බත් එකට මට මෙච්චර දුකක් දැනුනනන්...මහන්සිය නොබලා හදලා යන හොද්දයි බතයි කිසිම හැඟීමක් නැතිව විසිකරන තාත්තා ගැන....ඒ බත් ඇටයක් ගානේ රෙදි මහන මැෂින් එකට දියකරපු දහඩිය බිංදුවක් ගානේ කොච්චර දුකක්නන් දැනෙන්න ඇතිද...
ඒ තමයි අම්මා.....
මට ඇයව දකින වාරයක් පාසා ඒ උහුලන දුක පපු කුහර දිගේ විදුලියක් සේ යන අයුරු හොදින්ම දැනුන බව නොකිව යුතු නොවේ....අහල පහල මොනයම් ම කෙනෙක් වචනයකදු කතා නොකලේය. ඊට හේතුව තාත්තා එක්ක තිබ්බ ආරෝවයි. ගෙදර ගෑනු ළමයිම දෙන්නෙක්..බලාගෙන රැකියාවත් කරගෙන නම්බුපිට ඉන්න ඒ ශක්තිමත් හදවත අම්ම කෙනෙක්ට ඇරෙන්න වෙන කාටවත් පිහිටන්නෙ නෑ...ඒක තමා ඇත්ත.
ඉල්ලන ඉල්ලන වෙලාවට නෑ බෑ නොකිය අපිට දෙන සල්ලිකොල ....තාත්තාගෙ අතට හැංගෙනකොට...පාවෙලා ගියේ...ඒවට වන්දිගෙව්වේ ගෙදර තිබ්බ බඩුමුට්ටු...
දන්නවද...ගොඩක් සුරංගනා කතා....හීන...දකින්න ඇති ඇයත්...අපි වගේම...ඒත්...ඒ දේවල් ඒ විදිහටම නොව්න එක ගැන ඇය සාප කරන්න ඇති...
ආසාවෙන බෙදපු බත්කට...පොලවේ බඩගිනි නිවන වාරයක් පාසා ඇය දැවී යන්නට ඇති. ණයක් අරං හැඩකරපු බිත්ති හතර ඇතුලේ තිබ්බ ඒ ලෝකය එකින් එක බිදී යන විට ඇයත් බිදීයන්නට ඇති...ඒ නිසාම දැන් ඇයට දැවී තැවී අලුවී යන්නට හදවතක් නැතිව ඇති...
සුසුම් නම්...එතනින් ඉදිරියට සිතන්නට නොහැකි වූයේ...කුසේ අයිතිකාරයා හදිසියේ ආයේ ඇවිත් හිටි නිසා..
අද වැඩට යන්න බෑ...මගටම ගිහින් කෝල් කලා මං..අද මගෙ ලමයා එක්ක ඉන්න ඕනි කියලා හිතලා..
මැනිකේ.....
ම්ම්ම්ම්ම්ම්ම්....
යන්ද ඔයාලගෙ ගෙදර. අම්මා බලන්න යන්නත් බැරි වුනානේ....
ඒ වචන ඇසුනු සැනින් ඇස් බොඳවී යනවා දැනුණු නිසා..ඒ ඉකියත් එක්ක...උනුසුම් වූ කදුලු කැට ඒ පපුවටම හේත්තුවී සැනසුනා..
පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා...
කිමැයි කියා... නොදැනෙන හින්දා...
තවත් තියෙනවා...
හිතේ... පොතේ... ඉඩ
මෙතෙක් ලියූ... කිවිදියම පතා...
උපන් බවේ පින මදි හින්දා...
බලා හිදිමි මතු බවයක හෝ...…



Niyamai
ReplyDeleteThnkuu
DeleteThis comment has been removed by the author.
DeleteMru
ReplyDeleteOyeh ❤❤❤
Deleteඅම්මා😘❤️
ReplyDeleteSuperb❤️👌
ReplyDeleteThankuuu ❤❤❤
DeleteNiyamai
ReplyDeletethankuu 😁😁😁
Delete❤️❤️👌👌
ReplyDeleteBest😍😍
ReplyDelete❤️
ReplyDeleteපිටිපස්සේ හෙවැනැල්ල වගේ වෙස් වලන් ඉන්නේ අම්මා 🖤🌼
ReplyDeleteමව්ගුණ ගී කියලා ලේබල් ගහපු නැති හැමතැනකම අම්මා හිටියා සත්සරනි ❤️🌼
ReplyDeleteහා සදුන්😁
DeleteNice ❤
ReplyDelete❤❤
DeleteBest ❤️
ReplyDeleteThankuuu
DeleteA good article
ReplyDeleteThanku menika
DeleteWow.. lassanai 😍
ReplyDeleteThanku
DeleteGreat 👌
ReplyDelete❤❤❤
DeleteGreat 🥂❤️
ReplyDelete❤❤❤Thankuu
Deleteනියමයි 💖
ReplyDelete❤❤❤
DeleteGreat
ReplyDeleteThanku kaviyaaa
DeleteGood nangiyii
ReplyDeleteලස්සනයි
ReplyDeleteමම දැක්ක දෙවියන් ❤
ReplyDeleteSuper 👍
ReplyDeleteGood..
ReplyDelete❤️❤️❤️❤️
ReplyDelete