සිසී.......ලෑස්තිද ....ඔයා...තවනන් බලන් ඉන්ම බෑ අපිට..ඇයි සද්දයක් නැත්තේ..කෙල්ලේ.."
තවත් පමාවුවහොත් බැනුම් එමට නිසා මා බලා නොසිට කාමරයට ඇතුළු විය. සිසී කණ්ණාඩිය දිහා බලන් ලස්සන ගැන හිතනවද එහෙමත් නැතිනන් වෙනත් දෙයක් හිතනවාද කියලා සිතා ගැනීමට නොහැකිව මා මදක් පසුබා සිටින්නට විය.කෙසේ නමුත් ඒ වෙනුවෙන් පිළිතුරක් මා බලාපොරොත්තු විය.හෙමින් හීනි අඩියකින් ඇය අසලට වන් මම හිමින්සීරුවේ ඒ ගැන ඇගෙන් විමසීමි..
"සිසී..ඇයි මේ...හැඩ බලනවද...තවත්.."
ඒ ක්ෂණයකින් ඇගේ මස්කාර් තැවරූ දෑස් කඳුළු වලින් දීප්තිමත් වී ඇති අයුරු මම දුටුවෙමි.මට දෑස් අදහාගැනීමට නොහැකිවිය.මෙපමණක් සතුටු දවසක ඇය මෙසේ සිටීම මට ගැටලුවකි.
"ඇයි මේ..."
"අක්කේ..මට බයයි.මං වැරැද්දක් කරනවා කියලා හිතෙනවා."
ඇගේ වයස මට වඩා අඩු උනත් ඇය බොහෝ දුක් කම්කටොලු විඳ ඇත.ඇගේ හිත නතුකරගත් එකම කෙනා ඔහු විය.අද ඇය ඔහු හා එක්ව ගමන් අරඹන්නට සැරසෙයි.දැන් ඇය නැවතත් ඒ අඳුරු අතීතයම බලන්නට තැත්කරයි.
"එහෙම නෑ..සඳුන් ගත්තෙ හොඳ තීරණයක්.එයා ආදරෙයි. හරිද..හැමදේම හරියයි...දැන් කඳුළු පිහදාගෙන එන්න.
සුභාෂ් අයියේ ආයේ මේකප් එක දාන්න බේරුන තැන් වල..."
එලෙසින් පැවසූ මා එතනින් පිටත්ව ආවේ සඳුන් මුණගැසීමටයි.
"ආ මං අක්කව හම්බවෙන්න එන්න හැදුවෙ.කෝ මගෙ බාරියාව එන්නෙ නැද්ද ."
"සඳුන් හරිම තීරණේ මේක නේද.."
ඔහු සැහැල්ලුවෙන් බැලුවේය.
"ඔව්...මේක තමා මගෙ තීරණේ .ඒකෙ වෙනසක් නෑ."
...................
"දැන් පෝරුවෙ චාරිත්‍ර.මනමාලී මනමාල මහත්තයයි දෙන්නම ගොඩ වුණානන් පෝරුවට."
එකම වේගයකින් සෑමදේම සිදුවෙමින් තිබුණි.නමුත් හදිසියේ යමක් සිදුවිය.සිසී එක වරම ඇද වැටුනේ කවුරුත් නොසිතූ පරිදිය.ඉන්පසු තත්වය වෙනස් විය.ඇයව නැවත පෝරුවට නැංවූ පසු සඳුන්ගේ නෑදෑ පිරිවර තැකීමක් නොමැති බවක් පෙනෙන්නට තිබුනි.
මංගල සභාවේ කතා, සිසී බිම බලාගෙනම අසා සිටිනවා මම දුටුවෙමි.සඳුන් ඒ කුමනදේකටවත් නොසෙල්වී ශක්තිමත්ව සිටිම මගේ සිතටද සැනසීමකි.ඇය අක්කේ කියා මා ඇමතුවද මගේ නැඟණියක් නොවුණි.එසේ වුවත් ඇය දැන් මගේ නැගණිය වී හමාරය..
ඊට අවුරුදු දෙකකට පමණ පසු ඇය මා බැලීමට මගේ නිවසට පැමිණියාය.ඒ එන විට ඇය තවත් හැඩවී සිටි බව කිවයුතුමය. ඒ යුවල දකින ඕනෑම කෙනෙකුට පුංචි හෝ ඊර්ශ්‍යාවක් ඇතිවීම අහඹුවකි.දුර තියා මා දැකීමෙන් සතුටට පත් ඇය ඇගේ කුඩා පුතු රැගෙන සිනාසීගෙනම ආවාය.
"සිසී....මං හිතුවෙම නෑ කෙල්ල ඒවි කියල..එච්චර දුර ඉදලා"
"අක්කව බලන්නම ඕනි කියලා වදේ මට.ඉතින් එක්ක ආවා..කෝමත් අපේ ගෙදර නොගියත් මෙහෙ එනව කියලා හිතාගෙනමයි ආවේ.."
උත්තර දුන්නේ සඳුන්.
පිලිසඳර අපූරු විය. මහත්තයත් ගෙදර සිටි නිසා කතාකිරීමට බොහෝ දේ තිබුණි.
"සිසී...සතුටින් නේද ඉන්නෙ..."
මට ඇසීමට අවශ්‍යම වූයේ එය පමණි.
"ඔව්..අක්කෙ හිතාගන්නවත් බැරිතරන්.හේතුව සඳුන්.එදා වුණු දේ අක්කට කියන්න ඕනිමයි කියලා හිතුනා.."
"කියන්න ඉතින්..."
දිගු සුසුමක් පිටකල ඇය කුස්සියේ උලුවස්සට බර වුණි.ඇය ඒ මතක මෙසේ ආවර්ජනය කලාය.
......................
"හම්මෝ...පුදුම සැනසීමයි...කෙල්ලව ගෙනාවනේ..අදවත් චුරු චුරු ගාන්න බෑ හරිද.මං පුදුම සතුටකින් ඉන්නෙ.මොකද කතා නැත්තේ"
"සඳුන්...ඔයා හිතට එකඟවද මේ දේවල් කරන්නෙ."
"සිසී මෙහෙට එන්න..වාඩිවෙන්නකෝ මං කතාවක් කියන්න.හැබැයි මේකෙන් පස්සෙ කිසිම දවසක මේ ගැන ආයේ හිතන්න බෑ හරිද."
හ්ම්ම්ම්
"දන්නවද මං ගොඩාක් ගෑනුලමයි ආශ්‍රය කරලා තියෙනවා..හැබැයි ඒ කාටවත්ම නැති විදිහට ඔයාට මං ආදරේ කරනවා.
ඒ ආදරේ අහිංසකයි..
ඔයා ඉන්න තැන මං නොදන්නවා නෙවෙයි නේද..දන්නවනෙ හැමදේම..
ඔයාගෙ අඩුව මොකද්ද මැණික....මගෙන් හැමවෙලේම හරිද හරිද මේක කියලා අහන්න තරම්...ම්ම්ම්ම්...
ඒක වැරැද්දක් තමා..ඒත් ඒ වැරැද්ද ගැනම හිත හිත ඔයාට බැන බැන හිටියොත් මගෙ ආදරේ තේරුමක් තියෙනවද...
පිරිසිදුකම තියෙන්න ඕනි හිතේ මිසක් සුදු රෙද්දක නෙවේ..අම්මලා ඒ දේ ඔයාගෙන් ඉල්ලනවනන් අපි දෙමු..
ඔයාට වුණු දේවලුත් එක්ක නැතිවුන දේවල් ඇති.හැබැයි මං කැමතී ඉක්මනින්ම දෙන්නා තුන්දෙනා වෙනවනන්..අපේ ලෝකේ අපි හදාගමු.
හොදට මතක තියාගන්න මැණික.මේ ලෝකේ හැමෝම අයිතිවාසිකම් ඉල්ලුව මිසක් හෙව්වා මිසක් වගකීම ගැන හිතුවෙ නෑ..."
සිසී නිරුත්තරව බලා සිටියාය..කඳුලු කඩාවැටීම නවතන්නට ඇයට අවශ්‍ය නොවුණි.
"අම්මලාට ඕනි පිරිසිදු කමනේ නේද..ඔයා බයෙන්ද ඉන්නෙ."
"නැතුව..හෙටින් මගෙ හැමදේම හැමහීනෙම නැතිවෙයි.තේරෙනවද..ඒකයි මං අකමැති වුනේ මුලින්ම"
"පිරිසිදුකම එයාලට ඕනි මේ සුදු රෙද්දටනේ..."
එසේ පැවසූ ඔහු ඇඳ අසල ටීපෝවේ පලතුරු වට්ටියේ තිබූ පිහිය ගෙන ක්ෂණයකින් දබර ඇඟිල්ල සූරා..ලේ බිඳු වැගිරෙන්නට දුනි...
පසුදා උදෑසන අපූරුවට සුදු පිරුවටය හැඩවී තිබුණි.




👍👍👍👍👍
ReplyDeleteThankuuu
ReplyDeleteහණමිටි අදහස් වලින් තොර සැමියෙකු ලැබීම ගැහැණියක් ලබන අපූරූ ත්‍යාගයක්❤️
ReplyDeleteහණමිටි අදහස් වලින් තොර සැමියෙකු ලැබීම ගැහැණියක් ලබන අපූරූ ත්‍යාගයක්❤️
ReplyDeleteඔව් ඇත්තමයි ඉවර වෙනකොට මටම දුකයි
Deleteහණමිටි අදහස් වලින් තොර සැමියෙකු ලැබීම ගැහැණියක් ලබන අපූරූ ත්‍යාගයක්❤️
ReplyDeletelassanai
ReplyDeleteThankuuuu
Deleteසුදු පිරුවටයකට යට නොවූ ප්‍රේමයක්
ReplyDeleteවාසනාවක්...නැත්තන් ඒ ජීවිතේම ඉවරයිනේ
DeleteThankuuuu
ReplyDelete������♥️
ReplyDeleteThnkuuu
DeleteGreat ❤️🥂
ReplyDelete❤❤❤
DeleteNice
ReplyDelete❤❤❤
Delete