"මදූ....පොඩ්ඩක් ඇවිත් යන්න එන්න.ආයෙම පිස්සු නටනවා."
"මට බෑ කසුන් අයියෙ ඔය ඇති හොදටම.කෝ මට තියෙනව කියපු ආදරේ..මට තවත් ඉවසන්න බෑ.."
රිසීවරය තැබූ කසුන් බලා සිටියේ වෙරිමතින් මහ හඬින් හඬාවැටෙන ඒ පරාජිත පිරිමියා දෙසයි.
"මදූ අනේ එන්න මදූ..මං කෝමද මෙහෙම ඉන්නෙ.මාව දාලා ගියාද මදූ.සමාවෙන්න මදූ...කසුනා ගනින් කෝල් එකක්. ඒකිට මං නැතිව බෑ බන්...ගනින් කෝල් එකක්.අනේ මගෙ මැනික."
මේ හැඬුමේ අවසානය නින්දයි. ඒ වනතෙක් ඔහුගේ මව හෝ ඔහු අසලට එන්නේ නැත.
ඔහු නමින් විරාජ් විය. පෞද්ගලික ආයතනයක වධායක ශ්‍රේණියේ රැකියාවක් කරන ඔහු මේ පසු කරන්නේ 32 වෙනි අවුරුද්දයි..විවාහ වූයේ 31දීය..අවුරුදු 7ක් පැවති ප්‍රේම සම්බන්ඳතාවය විවාහයෙන් කෙලවර විය.එසේ වන්නේ අතලොස්සකගේ බව මට සිහිවිය.විරාජ්ට මොකද වුණේ..
මට මේ කතාව සිනමාපටයක් මෙන් මැවෙන්නට විය.
.......................
"මදූ....මං ගිහින් එන්නන්.."
"පරිස්සමට අයියේ..අම්මේ අයියා යනවලු..."
මම වාහනේ රැගෙන ඔහුගේ නිවස අසලට යන විට ඔහු හරිම සැහැල්ලුවෙන් මුලු ලෝකෙම ඔහුගේ යැයි සිතාගෙන සිටිනවා මෙන් සිටි බව මට හොදින්ම මතකය.නිවැසියන්ට සමුදුන් ඔහු හනික වාහනයට ගොඩ විය.
"යමන් කසුනා ඩෝන් ගාලා....සෙනුරිලගෙ ගේ ගාවට.බලන් ඇත්තෙ.."
ඒ වචන මට හැමදාම හුරුපුරුදුය....මදූ කෙතරම් ආදරේ කරනවාද යන්න මා හොදින්ම දන්නේ අවුරුදු 7ම විරාජ්ගේ පසුපස රෝදය වූයේ මා නිසාය.නමුත් විරාජ් මේ දේවලින් කුමන අගාදයකට වැටේදැයි සිතා ගැනීමටවත් මට නොහැකි විය.
ඉන්පසු දෙපලම පිටිපස්සේය...
"කසුනා ඉස්සරහා බලන් යමන් ...."
වරක් දෙවරක් නොව සියවරකට වඩා මා මෙය තේරුම් කර දෙන්නට උත්සහා කලද එය පලක් නොවුනි.මට තිබූ හොදම විසදුම වූයේ නිහඬ වීමයි
කාලය ගෙවී ගියේය...ප්‍රශ්න පිට ප්‍රශ්න ආවේ පුදුමාකාර වේගයකිනි...මට විසදනවාට වඩා වෙනත් වැඩක් කරන්නට නොතිබුනි.සෑම දිනකම විරාජ්ගේ ගැලවුම වූයේ මාය.නමුත් මේ දේවල් මදූට සැක සිතීතිබීම මට ඉවෙන් මෙන් දැනුනි. දිනක් හදිසියේ ඇය අප වැඩකරන ස්ථානයට ආවේ යමින් ගමන් ආවේ වැනි පිලිඹිබුවකිනි.නමුත් ඇයට මේ ප්‍රශ්න වලට ඉක්මන් විසදුම් අවශ්‍ය වී තිබූ බව මා දැන සිටියෙමි.
"අයියේ කෝ අපේ අයියා...."
මට දීමට උත්තර නොතිබුණි...සෙනුරිත් විරාජුත් උදේ වාහනේ ආවා මිස වැඩට ආවේ නැත.මා නිහඬවම සිටියෙමි..
"ඒකට කමක් නෑ අයියේ මං ආවා කියලා කියන්ම එපා..ගිහින් එන්නන්."
වෙන බිරිඳක්නම් එවලේම වස බොනවා නිසැකය.නමුත් ඇය නිහඬවම ගියාය.පසුදා කිසිම වෙනසක් නොතිබීමෙන් මා දැනගත්තේ ඇය කිසිවක් කියා නැති බවයි..ඒ තරම් ඇය ඔහුට ආදරේ කරයි.
වරක් දෙවරක් නොව විසිවතාවක් පමණ ඇය නිහඬ වන්නට ඇත.අවසානයේ දෙදරා ගියේ මදූ නිවසේ නොසිටි දවසක සෙනුරිව විරාජ් ගෙදර එක්කන් ගිය දවසේය...
එදා මහත් විනාසයක් වන්නට තිබුණි.විරාජ්ගේ අත එසවුනේ අහිංසක මදූටමය.කලහැක්කක් නොමැති වූයෙන් ඇය ඇඬුවාය.විරාජ්ව නවතන්නට මා කෙතරම් උත්සහ කළද කළ නොහැකි විය...
අම්මාගේත් තාත්තාගේත් දෙපා වැඳ ඇය පිටවුණි.
.....................
එදා සිට අද වෙනකනුත් තත්වය මෙසේමය.දැන් වසරකට කිට්ටුය.දික්කසාදය වෙනුවෙන් සෙනුරි විරාජ්ට බල කළද ඔහු ඊට මැලි වූ නිසා දැන් ඇයද ඔහුගෙන් දුරස් වී ඇත.මා මේ මතකත් එක්ක තවමත් උලුවස්සට හේත්තුවී ඔහු දෙස බලාගෙනම සිටියෙමි..
"කසුනා....වරෙන්කෝ...මට කියන්න දෙයක් තියෙනවා.."
මං හීන් සීරුවේ වාඩිවුණේ මොනවයින් මොනවා වෙයිද කියා සිතාගැනීමටවත් නොහැකි බැවිනි.
"කසුනා උඹට මතකද මං ඒකිට මුලින්ම ආදරේ කියපු දවස.තාමත් ඒ වගේමයි බන්.මං වැරැද්දක් කලා.ඒක මං පිළිගන්නවා..ඒත් බන් ඒකි මගෙ පණ.එහෙම දාලා යන්න බෑබන්.මට ඒකි නැතිව ඉන්නත් බෑ බන්
දැන් නිකමට බලපන් කසුනා.මං මේ මොනවද කරන්නෙ..බොනවා.හැමදාම..උඹලටවත් බොන්න නොදීපු එකෙක් මං.මිනිස්සු මට බනිනවා.ඒකිත් බනිනවා.හැබැයි මං බොන්නේ මට ඒකි ගැන දැනෙන දේවල් මතක් වෙන දේවල් මට අමතක වෙලා යන්න.ඒ දුක මට වෙන පිට කරන්න විදිහක් නෑ බන්."
වීදුරුව අවසන්ය.දැන් කට කපා තවත් වීදුරුවත් වක්කරගත් මගේ හිතවතා නැවතත් කියවයි.
"නිකමට බලපන් මගෙ කාමරේ.මට ඒකෙ ඉන්න හිතක් නෑ..ඒක ඒකිගෙයි මගෙයි කාමරේ ඔය හැම අහු මුල්ලකම ඒකි තමා ඉන්නෙ.තනියම කාමරයක් ඇතුලෙ ඉන්නකොට දැනෙන හැඟීම මහාම වේදනාකාරී..උඹට ඒක දැනුනොත් උඹට ඉවසන්න බෑ..හැබැයි මම ඉවසනවා..ඒකි එයි කියලා..
දන්නවද ඒකි ආස කලේ දුවෙක්ට.මාත්.ඒ හැම හීනෙම මංනැතිකරලා දැම්මා.පිරිමියෙක් විදිහට හොද සැමියෙක් විදිහට මංමොනවද කරලා තියෙන්නෙ.කිසිම දෙයක් නෑ.
මගෙ ජීවිතේ මං වෙනුවෙන් අඬපු මගෙ අම්මට පස්සෙ ඉඳපු එකම එකී..ඒ මදූ බන්.මගෙ මුලු ජීවිතේම ඒකි බන්."
"පුලුවන්නන් මට මේ උදව්ව කරපන් තව එක අවස්තාවක් දෙන්න කියපන් මේ පරාද වෙලා ඉන්න මනුස්සයට."
මේ කතාව ඉවරයක් නොවෙන බව මම දනිමි.නමුත් නවත්වන්නටත් නොහැකි බවත් හොඳාකාරවම දන්නා නිසා නිහඬව අසා සිටින්නට විය.
මා දන්නේ මෙය පමණයි.එනම් කිසිම ස්වාමිපුරුෂයෙකුට තමන්ගේ බිරිඳට හොරා කිසිම දෙයක් කළ නොහැකි බවයි.
"දන්නවද බන්.මදූ හැමදේම දැනන් හිටියා නේද.ඒ කවුරුත් කියලවත් දැකලවත් නෙවේ..ඒකිගෙ ඉව.ඒක තමා ගෑණුන්ගෙ ආදරේ.මට ඒ ආදරේ නැතිව ඉන්න බෑ බන්.
එකම එක අවස්තාවක්.එකම එකක්."
තවත් අසා සිටීමට නොහැකිව මා මදූව නැවත වරක් ඇමතුවෙමි.
ඉතාම ලඟින් නාදය ඇසුණු මා තිගැස්සී දොර දෙස බැලුවෙමි. ඇය සිටි නමුත් වචනෙකදු කතා නොකලාය.
ඔහු වගේම ඇයත් දිනපතාම හඬා ඇති බව මූණෙන් පෙනෙන්නට තිබුණි.
ආපසු හැරුණු ඇය පැමිණි ගමනත් නවතා යන්නට සැරසෙන විට මා වහා ඈ වෙන ඉක්මන් පියවර තැබුවෙමි.
"නංගි..මදූ...පොඩ්ඩක් ඉන්න ඇයි යන්නේ.."
ඇය එවිටත් හඬනවාය..
"අයියේ ඒ තමා මගෙ හැමදේම. නැතුව ඉන්න බෑ.ඒත් එයා එවලා තිබුන ඩිවෝස් පේපර් මං අත්සන් කලා..."
සිදුව ඇත්තේ කුමක්ද යන්න තේරුම් යාමට වැඩිවෙලාවක් නොගිය බැවින් ක්ශනිකවම කොල ටික අතට ගත් මා ඉරා දැමුවේ මගේ දෙයක් වගේය.
මාත් ඇයත් නිහඬවම කාමරේ බිම බඳාගෙන වැතිරී සිටි ඔහු දෙස බලා සිටියෙමු.බිත්තියට පිටදී සිටි ඇය සිහින් කෙඳිරියකින් බිත්තිය දිගේම කඩා වැටෙමින් බිම ඉඳගත්තාය.
ඔවුන්ට තනිවන්නට දී..මා කුස්සියට ගියේ විරාජ්ගේ අම්මා පසුදාට දෙන්නට නියමිතව තිබූ හීල් දානයට උදව්වක් කළ හැකිද යන්න විමසීමේ සිත් ඇතිවය.
මා කල්පනා කළේ එක් දෙයකි..පිරිමියෙකුගේ කඩාවැටීම හා ගැහැණියකගේ හැරයාම තරම් ඛේදනීය තත්වයක් පවුලකට නොමැති බවයි.
දුබල එළිය ඇති
පුංචි කාමරේ
තනි යහනක තනි වෙලා ආදරේ
හිතේ කිසි තෙතක්
නැතිව මා කෙරේ
අරන් ගියා ඔබ
ඔබේ ආදරේ
මීවිතකට ලොල් වී
අපිලිවෙලයි අද මා
බැදී වරදකට නොහික්මුණු කමින්
මගේ චපල හිත හින්දා
බැදී වරදකට නොහික්මුණු කමින්
මගේ චපල හිත හින්දා
ඔබේ සිතේ ඔබ මා වෙනුවෙන් තැනූ
අහස් මාලිගා බින්දා
අහස් මාලිගා බින්දා
මගේ සිත අවනත නොමැතිකමින්
සිදුවුනේ මොනවද මන්දා
මගේ සිත අවනත නොමැතිකමින්
සිදුවුනේ මොනවද මන්දා
දනී හැරෙන විට හිමිගේ හොර හිත
ඉවක් වගේ බිරින්දා
ඉවක් වගේ බිරින්දා
දුබල එළිය ඇති
පුංචි කාමරේ
තනි යහනක තනි වෙලා ආදරේ
හිතේ කිසි තෙතක්
නැතිව මා කෙරේ
අරන් ගියා ඔබ
ඔබේ ආදරේ
මීවිතකට ලොල් වී
අපිලිවෙලයි අද මා
❤❤ ගායනය - චාමර වීරසිංහ ❤❤



වැදගත්
ReplyDelete❤❤❤
DeleteGreat❤️
ReplyDeleteThnkuu
DeleteGreat❤️
ReplyDeleteGrt🎉️👍
ReplyDelete❤
Delete❤
ReplyDeleteVeleuble
ReplyDeleteThankuu
DeleteBest
ReplyDeleteBest
ReplyDelete💜️💜️
ReplyDelete❤💪💪💪
ReplyDelete👍👍
ReplyDeleteNiyamai
ReplyDelete👍👍
ReplyDelete👍👍
ReplyDeleteBest
ReplyDelete👌👌👌👌
ReplyDelete❤️❤️❤️❤️👌🤝
ReplyDeleteGreat
ReplyDeleteNice😍
ReplyDeleteNice
ReplyDelete❤
ReplyDeletegood 👍
ReplyDelete