Followers

Monday, February 22, 2021

ඉපැරණි පෙම්වතී❤❤

 




 අම්මා කෙනෙක් බිරිඳක් වෙලා 

ලොව කාට හෝ නුඹ උරුමැති  

සතුටින්ද ඔබ පෙරටත්  වඩා   

 මගේ ඉපැරැණි පෙම්වතී


මමද සැමියෙකි ඇයට අවනත   

 දෙදරුවන් ළඟ නිවන සරතැස    

කාලයේ වැලි තලාවේ

සබඳකම් සැඟවුනාවේ


අම්මා කෙනෙක්............


අතරමඟ සුණුවිසුණු පැතුමක   

 මතක මිහිරිය තවම හිත යට   

 පරවුණත් මල් අතීතේ      

 සුවඳ හදවත සමීපේ


අම්මා කෙනෙක්.............



"මේ ෆෝම් එක 4වෙනි කවුන්‍ටරේට දෙන්න. ඒ මිස් ගාවින් ඉතුරු විස්තර දැනගන්න පුලුවන්.
ඊලඟ එන්න........"

                     තෙරපි තෙරපි පෝලිමේ ඉස්සරහට ඇවිත් යන්තන් එතනින් එලියට එනකොටත් තව කවුන්ටරේකට දැම්ම කියලා හිතින් දොස් කිය කිය 4 වෙනි කවුන්ටරේ පැත්තට ගියා.මේ දිස්ත්‍රික් කාර්‍යාලේ මෙච්චර උපාධිධාරීන් හිටියත් මේ සේවා ප්‍රමාදය නැවැත්වීමට පුලුවන් ජගතෙක් තවම පැමින නැත. 4 වෙනි කවුන්ටරේ පැත්තට යනකොට ඒ තැන වටකරගෙන හිටිය මිනිසුන් දුටුවිට හෙටම එනවා කියා යාමට සිතුනි.නමුත් හෙට එනවා යැයි සිතා අද ගියහොත් එසේ යන තුන්වන දවස අදයි.ඒනිසා අමාරුවෙන් හිත හදාගෙන පෝලිමේ සිටගතිමි.
                ඒ අස්සේ ඇතමෙක් දේශපාලන බල අරගලය ගැන අනෙකකු හා කතාකරමින් රට ඉදිරියට ගේන්නට හදයි.තවකෙක් වාහන වල මිල ගනන් ඉහල යාම ගැන කතාකරයි..මේ විවිධ කතාවලට සිත නොයැවූ මම පෝලිමේ ඉදිරිය බැලීමට පාදයේ ඇඟිලි වලින් එසවුනෙමි.මට අවශ්‍ය වූයේ ආ කාර්යය කර ගැනීමට මිස කතාකරමින් කාලය නාස්ති කිරීමට නොවේ.
                        විනාඩි 10ක් පමණ සිටි ලෙසම සිටගෙන සිටි නිසා පෝලිම හෙලවෙන්නේවත් නැති වීමට හේතුව දැනගන්නට තවත් වරක් විපරම් කල විට කවුන්ටරය මඳක් එලිය වී තිබිණි. ලා කහපාට සාරියක් හැද කැරකෙන පුටුවේ හිදගෙන කඩිමුඩියේ වැඩ කරන තරුණ ගැහැණු ලමයෙකු දෙනෙතට හසුවිය. ඇය ප්‍රශ්න විමසමින් ඔලුව ඔසවන්නේවත් නැතිව මොනවාදෝ ලියයි.එය බලා සිටින්නට අපූරුය.

               "මේ මිස් විතරයි අපි ගැන බලන්නේ.. අනික් ඉන්ම උන්නන් මෙලෝම වැඩක් නෑ...උන්ගෙ පාඩුවෙ කරනකන් අපි ඉන්න ඕනි.."
              
                      මේ වගේ කතාත් ඇසුන නිසා මගේ වැඩෙත් සාර්ථක වේවි යැයි විශ්වාසයක් මා හට ඇතිවිය.
දැන් දැන් පෝලිම කිට්ටු වෙනවිට ඇයව තවත් හොඳින් පෙනෙයි.එක වරම ඇය නැගිට එහා කවුන්ටරයට ගියාය.ඇයව හොඳින්ම දැක ගැනීමට හැකි වූයේ එවිටය.එක වරම අවට කිසිවක් ඇහෙන්නේ නැතිව ගියා සේ දැනුනි. දෑස් අදහා ගත නොහැකිව තවත් හොඳින් බැලුවෙමි.ඔව් ඒ ඇයමයි.
                තවත් පෝලිමේ ඉස්සරහටම යනවද නැතිනම් ගෙදර යනවද කියා සිතින් හරඹ කරමින් සිටි මා "කමක් නෑ වැඩේ කරගෙනම යනවා" කියන මතයට පැමිනියේය.ඉන් පසු කිසිඳු හැලහොල්මනක් නැතිව මා ඇය දෙස බැලුවෙමි.හොරාට කටේ තියාගෙන මොනවාදෝ කනවා දුටු මට සිනා පහල වූයේ ඉබේටමය.
"කිසිම වෙනසක් වෙලා නෑ...තාමත් ඒ වගේමයි කෑමනන්."
පෝලිමේ තවත් 10දෙනක් පමණ ඉදිරියෙන් සිටියෝය. වෙලාව 1 විය.

"අනේ මට සමවෙලා පැය බාගයක් දෙන්න වෙන්දා වගේම.කලා එන්න ඕනි.නැත්තන් මට වෙලාව නැතිවෙනවනෙ..තාත්තා ඔහොම ඉඳගෙන ඉන්න."

                     ලස්සනට හැඩ කරලා කියනකොට පැය බාගෙට පැය ගානක් වුනත් දෙන්න හිතෙනවා.ඒ කතාව ඒ තරම්ම......
ඉතින් ඇය කන්න ගියා අපි බංකු වලට වුනා. මාත් මගේ මතක අස්සෙ ඇය වෙනුවෙන් හැංගුන හැමදේම අවුස්සන්න ගත්තා..




                             අපි දෙන්නම එකම විශ්වවිද්‍යාලයේ ඉගෙනගත්තෙ.එයාලා එනකොට මම හිටියෙ තුන්වන වසරෙ ඉගෙනගන්න ගමන්.පලවෙනි වසරේ සීසන් එක යන කාලේ වැඩිපුර ඒ පැත්තෙ නොගියත් යන හැමවෙලේකම පොඩි උන් එක්ක කතාවට වැටෙන්න පුරුද්දක් කරගෙන තිබුනා. පිකටින්, කලා උළෙල වගේ ඒවා නිසා මට හැමවෙලේම පොඩි උන් ඉන්න තැන ඉන්න සිද්ද වුනා.මගෙ ඔලුවෙ වැඩකලේ අරගලයත් ,සහෝදරත්වයත් ,ජයග්‍රහණයත් ,දෙවනි වසර උන් එක්ක වැඩවල ඉන්න එකත් විතරක්  නිසා 1 වසර ගැන නිකන්වත් බලන්න හිත දුන්නෙ නෑ..

                        යාලුවොනන් උදේට ,දවල්ට, හවසට හැමවෙලේකම වගේ පොඩි උන් බලන්න ගියා.ඒවට ගොඩක් හේතු තිබුනා.ලස්සන කෙල්ලො හොයන එකත් ඕවා අස්සෙ තිබ්බ එකක්.
                         මට ඒ වෙනකොට සම්බන්දයක් තිබ්බ නිසත් මං ඒ ගැන හිතන්න නැතිව ඇති.ඒත් මොකද්දෝ හේතුවකට එක දවසක් රෑ පොඩි උන් කලා උලෙලට වැඩ කරන වෙලාවක මං ඒ ඇස් දෙක දැක්කා.නැවතිලා බලන් ඉන්න තරමට ඒ කරන වැඩේ ආස හිතුනා.මිටියක් අරගෙන කොල්ලන්ට වැඩිය හොදට ඇණ ගහනවා.වටේ ඉන්න උන්ටත් උගන්නනවා. කටර් එකක් වගේ.මං බලන් ඉන්නවා එක පාරටම දැක්ක ගමන් දඩස් ගාලා නැගිට්ටා.එතකොට මාත් මගේ ලොකුකම ඉස්සරහට දාලා සතපහකටවත් ගනන් ගන්නෙ නැතිව එතනින් ගියා.කෝමත් පොඩි උන් අතරෙ මම ටිකක් තද පොරක්.කෙල්ලො ගනන් ගන්නෙ නැති යකෙක් වගේ කෙලින් වචන තියෙන එකෙක් විදිහට තමා හිටියෙ.
                         ඒ තමා මුලින්ම දැක්ක වෙලාව.ඊට පස්සෙ යන වාරයක් ඇත්නන් ඉබේම ඒ ඇස් හොයන්න පෙලඹුනා කීවොත් හරි. කතාවටත් එක්ක ගෑනු ලමයි වහවැටිලා කියලා යාලුවො කීවත් මට ගානක්වත් නෑ. උන්ව හුරතල් කරන්න මට වෙලාවක් තිබ්බෙත් නෑ..අරගලේ වැඩත් එක්ක.හැබැයි මොන වැඩේ තිබ්බත් ඒ ඇස් දෙකනන් මග ඇරුනෙම නෑ..කටකතත් හැදිලා තිබ්බා ඒවා අස්සෙ.පක්ශ වලට මරාගන්න අපේම උන් ගොතපුව.කෙල්ලන්ව රවට්ටන ගොඩට මාත් වැටිලා හිටියා.අලුතෙන් එන පොඩි උන්ට ඒවා කියලා උන් මගෙ දිහා බැලුවෙත් අමුතුවට.හැබැයි මට ගානක්වත් තිබ්බෙ නෑ.ඒ කතා ඇත්තනන් මගේ සම්බන්දෙ තියෙන්නෙත් නෑ.ඒවා දැනගන්න කාටවත් උවමනාවක් තිබ්බෙත් නෑ.
        කෝමහරි ඒ ඇස් දෙකත් මාව හොයනවා වගේ මට තේරිලා තිබ්බෙ. අනික් ඇස් මගඇරියත් ඒ ඇස් දෙක මගහරින්න හිත ඉඩ දුන්නෙම නෑ. ඒකේ ප්‍රතිපලේ තමා නම්බරේ හොයාගෙන මැසේජ් එකක් යවලා කතාකරන තැනත් හැදුන එක.


        "නංගි මට මේක ඇතුලෙම සම්බන්දයක් තියෙනවා.ඒක නැති කරගන්න බෑ.ඔයා එක්ක මට මේ අවුරුදු දෙක ඉන්න දෙන්න.වැරැද්දක් වෙන්න දෙන්නෙ නෑ.මං කාටවත් මෙහෙම කියල නෑ."


"පිස්සුද අයියෙ .අනේ මට බෑ.."


මට උත්තරේට හම්බුනේ ඒක.
                        කිසිම කෙල්ලෙක් මේ වගේ කතාවක් කිව්වොත් ආයෙ මූනවත් බලන්නෙ නෑ.ඒ උනාට මං දිහා ඇස්පිය නොහෙලා බලන් ඉන්නවා කියලා මං දැකලා තිබුනා. ආයෙ අහන්න හිතුනෙත් නෑ.ඒත් අපි කතාකලා..කෝමහරි ආදරේකුත් ඇතිවුනා..මහාලොකු ලස්සනක් තිබුනෙ නෑ.පුංචි කෙල්ලෙක්.



                         වෙන කෙල්ලොන්ගෙ සිහින කුමරා වීරයා වෙලා හිටපු මං පුංචි කෙල්ලෙක්ගෙ වචන වලට පුදුම විදිහට හීලෑවෙලා හිටියා.බැජ් එකේ හැමෝම බලනකොට මාව බලන්නෙ නෑ කියල රන්ඩුත් වෙලා ඇති.මහ රෑට ඉන්නකොට කෝමහරි යවනවා.යන්නෙත් නෑ. ගෙන්නලා බැන්නම තමා යන්නෙත්.ඒ විදිහට පුලුවන් උපරිමෙන් පරිස්සම් කලා.කවමදාවත් ඒ ආදරේ ඇතුලෙ අනවශ්‍ය දේවල් තිබ්බෙ නෑ.කවදාවත් මගෙ අනික් සම්බන්දෙ වැරැද්දක් වුනේ නෑ.
                                කාලෙත් එක්ක කනින් කනට කටකතා යන්න වැඩිකල් ගියේ නෑ. ඊට පස්සෙ තමා හැමදේම වෙනස් වුනේ.කොච්චර කීවත් කාටවත් කියන්න එපා කියලා ඒ කටට බ්‍රේක් තිබ්බෙම නෑ.ඉතින් ගොඩක් අය දැනගෙන තිබුනා. අහපු හැමෝටම නෑ කියන එක තමා උත්තරේ වුනේ. එයාට සම්බන්දයක් තිබුනෙත් නෑ. ඒත් මාව නැතිවෙනවා කියලා දැන දැනත් කිසිම අඩුවක් නැතිව හැමදේකදිම ලඟින් හිටියා.අනිත් එක කෑම.ඕනි එකක් ඒ බඩට ඔරොත්තු දෙනවා. මං කන ඕනි එකක් කනවා..ආසාවෙන්.
                          


  "නංගි සිංදුවක් කියනවකො "
කිව්වම නින්ද යනකන්ම සමහර දවස් වලට සිංදු කියනවා.ඉතින්  කාමරේ එකට ඉන්න අනිත් යාලුවො විහිලු කරනවා ඇහුනම නවත්තන්න කිව්වට කවදාවත් නැවැත්තුවෙ නෑ.
                              හිමිවීමම ආදරේ වෙන්නෙ නෑ.ජීවිතේ හරිම පුදුමයි.මිනිස්සුන්ගෙ බැඳීම් ඒ වගේ.ඒවට සීමා නෑ..නමුත් අසීමාන්තිකව ප්‍රේම කරන්නත් බෑ.
කාලෙත් එක්ක හැමදේටම තිත තියන්න කාලෙ ආවා.අන්තිමට මං යනවා කියලවත් නොකියා මං අයින් වුනා..ඒත් කොහේදි දැක්කත් හිනාවෙලා කතාකරන්න තරන් ඒ හිත හයිය වුනා..



                දැන් මං විවාහ වෙලා දරුවො දෙන්නෙක්ට තාත්තා කෙනෙක්.මට දැන් මේවා හිතන්නවත් හොද නෑ හරිනන්.ඒ වුනත් ඒ රූපෙ දැක්කම මතක ජීවමාන වෙන්න ගත්තෙ හිතන්නත් බැරි තරම්  වේගෙන්.සමහරවිට දැන් ඇය විවාහ වෙලත් ඇති.දරුවොත් ඇති.නැතිවත් ඇති. කතාකරන්න තිබුනානන් දවසක්.හැමදේම දැනගන්න තිබුනා.ඒත් දැන් ඒ හැමදේටම කාලය හරස් වෙලා.ඇවිදපු හැමතැනකම ,හිනාව පිරුන හැම කතාවකම, හැම සිදුවීමකම, අඬපු තැන් වලත් දැනුන ඒ ආදරේ...
ජීවිතේ හින්දම නතරවුනා. මට දැනගන්න ඕනි එකම එක දෙයයි..
               ඒ තමයි ඒ හුරතල් කෙල්ල දැන් ඉස්සරටත් වඩා සතුටින් ඉන්නවද කියලා විතරයි
.
                          කතාකරන්න ඕනිකම තිබුනත්..මාව දකින ඇය මොනවගේ ප්‍රතිචාරයක් දක්වයිද? එය වේදනාකාරි වුවහොත් දරාගන්න අමාරුවේවි.


"හරි පෝලිමේ එන්න ඊලඟ හිටපු කෙනා..."


දන්නෙම නැතිව පැය බාගයක්ම ගෙවිලා ගිහින්.
බංකුවෙන් නැගිටපු මම ආයෙමත් ඒ මූන බලලා කොලෙත් අරං එළියට බැස්සා.


 දැකීමකින්වත් දුක් වෙන්න හොද නෑ...ඒ තමා මගෙ පරන පෙම්වතී.



26 comments:

වටාපතින් එපිට ට ගියෙමි

ඇස් වල කෙවෙනි පිය වෙනකං ඒ පඩිපෙළ දිහා බලන් ඉදල ඉදල බැරිම තැන මම යන්න කියල කල්පනා කලා ... බලා සිටීමත් ප්‍රේමයක් උනත් මට මෙය විටෙක කලකිරීමක් ව...