Followers

Saturday, February 6, 2021

මැව් ඒ සිහිනේ බොඳවී දෑසේ කඳුළක් වුණා මාගේ හද මන්දිරේ

🎶🎼තුරැලේ ඉදන් සැතපී නිදන්

මගේ කුමාරයන්.....
තුරැලේ ඉදන් සැතපී නිදන්
මගේ කුමාරයන්.....
අම්මා සොයා එන්න සුළගේ ගියා ඔන්න
තරැ නෙත් වසාගන්න කවියක් කියන්....
තුරැලේ ඉදන් සැතපී නිදන්
මගේ කුමාරයන්.....

කිරි මුට්ටිය නෑ ගගේ
අම්මා නෑ එහේ ගියේ......
මැවු ඒ සිහිනේ බොදවී දෑසේ
කදුලක් වුනා මාගෙ හද මන්දිරේ.....

තුරැලේ ඉදන් සැතපී නිදන්
මගේ කුමාරයන්.....
තුරැලේ ඉදන් සැතපී නිදන්
මගේ කුමාරයන්.....
අතට වෙරලු ඇහිද ගේන..
ඉනට පලා නෙලා ගේන.....
එවදන් කතා කියමින් ගොතා
නළවන්නෙ කෙළෙසින්ද නුඹ මා පුතේ......

තුරැලේ ඉදන් සැතපී නිදන්
මගේ කුමාරයන්.....
තුරැලේ ඉදන් සැතපී නිදන්
මගේ කුමාරයන්.....
අම්මා සොයා එන්න සුළගේ ගියා ඔන්න
තරැ නෙත් වසාගන්න කවියක් කියන්....
තුරැලේ ඉදන් සැතපී නිදන්
මගේ කුමාරයන්.....

හ්ම්.....හ්ම්.....හ්ම්.....හ්ම්....
හ්ම්.....හ්ම්.....හ්ම්.....හ්ම්...🎼🎵    

  

              හොදහැටි හාන්සි වී පැද්දෙමින් සිටි මා පාරේ ඇසුණු මිහිරි ගී තාලයට එකවරම සවන් යොමු කලෙමි.වේගවත් පා තබමින් ජනේලය අසලට ආ මා දුටුවේ පුංචි කොලුපැටවකු කරේ තබාගෙන ඩොල්කිය අපූරුවට හඬවන විඩාබර පිරිමියෙකි.


                       ඒ ගීය ඇතුලේ තිබුණ ඒ කතාව කෙල පිඬක් ලෙසින් ඉවත ලීමට මගේ සිත ඉඩ නොදුනි.මටත් සිටින්නෙ එකම එක දුවෙක් පමණි.ඇයව සතුටු කරන්නට විඳි දුක දන්නේ මමත් මගේ මවත් පියත් උඩ සිටින දෙවියොත් පමණි.කෙසේ නමුත් ඒ ගීය එසැනින් මා ලැප්ටොප් එකෙන් බාගත කරගත්තේ..ගී පද රචකයාට තුති පුදමිනි.
              නැවතත් ඒ සැඟවූ තැන්වල අහුමුලු සොයන්නට හිත බල කලේ ඇයිදැයි තවමත් නොසිතේ.නමුත් මා ඒ අතීතයට දැඩි සේ ආදරේ කරමි..

.......................


"සඳූ......ඔයා ආස දුවෙක්ටද පුතෙක්ටද...."

      "අප්පේ මේ මහත්තයට මතක් වෙන දේවල්..දුවෙක් වුණත් පුතෙක් වුණත් මං ආදරෙයි..ඒ වුණාට පුතෙක් වෙනවනන් ආසයි..මේ ලොකු බබා කැමති දුවෙක්ට නිසා දුවෙක්ම වෙන්න ඕනි...."


එසේ කියූ ඈ මගේ හිස ආදරෙන් පිරිමැද්දාය.
       ටික ටික ඒ කුසේ වැඩෙන මගේ පණ ගැන බොහෝ සිහින මැව්වේ ආසාවෙනි.ඒ සිහින මෙතකැයි කියා කිව නොහැක..පිරිත් අහන්න දීලා ආසම දේවල් ගෙනත් දීලා ආදරයෙන් මගෙ කෙලිපැටව් දෙන්නවම බලා ගත්තේ පුදුමාකාර හැගීමකිනි.
                        දින ගෙවී ගියේ වේගයෙනි.දෝතට ගන්න දින 2කට පෙර රෝහල්ගත වන්නට වුණු අතර සඳූගේ අම්මා... අපේ අම්මා...දෙදෙනාම මාරුවෙන් මාරුවට ඇයට තනි රැක්කෝය.
                       දවස උදාවිය. ඇගේ පපුවට වඩා මගේ පපුව ගැහෙන්නට ඇති..එක මොහොතක්වත් සැනසීමෙන් ගෙව්නේ නැත..
"මං එනකන් බය නැතිව ඉන්න ඕනි..තේරුනාද "
"සඳූ පරිස්සමට.."

ඊට වඩා වචන පිට නොවුනි...ඇය වේදනාවෙන් සිටිනවා බලා සිටීමටවත් ඉවසීමක් මට නැත.ඒ නිසාමදෝ අපේ තාත්තත් මා අසලම සිටියේය.
           හෝරා ගෙවී යන්නට විය.


        "සඳුනී පබසරා අම්මගෙ පවුලෙ අය කවුද ඇවිත් ඉන්නේ.."


නර්ස් නෝනාගෙ හඬට මා උඩ විසිවුණි. දකිමින් හිටි හීන වලට මටම හිනා.අඩියට දෙකට නර්ස් නෝනා ගාව.ඩොක්ටත් ආවා එලියට.


           " දුවෙක් හම්බෙලා ඉන්නෙ.මිස්ට අයිම් වෙරි සොරි.ඔයාගෙ නෝනට ගොඩක් අමාරු වුනා.එයාව බේරගන්න ගොඩක් උත්සහ කලා.බට් අයිම් සොරි "


කකුල් දෙකත් පණ නැතිවිය.දෑස් නිලංකාර වී යනවා දැනුනි.මා ඇද වැටෙන්නට ඇත.
              දෑස් විවර කල මා සිහිවිකල් වූවකු මෙන් ඇය සොයන්නට විය..දවස් ගෙවී ගියේය.මා හඬා වැටුණි.තුරුල් කරන් කෑගැසිවෙමි. කොතනින් පටන්ගන්නදැයි තේරුමක් නොවුණි.
              මට සැමගෙන් මෙන්ම ඇගේ මතකයන්ගෙන් ද දුරස්වන්නට අවශ්‍ය විය.නමුත් දූ නිසා එසේ කළ නොහැකි බව මටම තේරුම් ගියේය.අවසානයේ මාස 3ක්ම අපේ අම්මා පුංචි දූට අම්මා විය. ඉන්පසුව ඇගේ සියලු වගකීම් මා මත පැටවුණි.


                           ඇය සිටියානම් දූගේ සියලුම වැඩ ඇය කරන බව හොදින්ම විශ්වාසය.ඇයට උදව් වීමට මම ද සිහින මැව්වෙමි.නමුත් දැන් සෑමදේම සිදුවී හමාරය...ඒ සිහින මා මතම රඳවා ඇය නිහඬව පිටව ගොස් ඇත.
                               රැයට නින්ද යනු සිහිනයක්ම විය.චූටි දූ නින්දට ගියද මට නින්ද නොයයි.ඇස් අග නලියන කඳුළු කැට උණුසුම්ව කම්මුල් වල විඩාහරී.පිරිමියෙක් වූ මා කෙතරම් නම් අවාසනාවන්තද ???...අඬන්නටවත් අවසරයක් නැත..
               

              මට ලස්සනට කවි කීමට නොහැක.ඒත් ඇය අපූරු කවිකාරියෙක් විය...ඒ ලෙසට කවි ඇසීමට මම ආසා කළෙමි.නමුත් මා මේ කියන්නේ කුමක්දැයි වැටහීමක් නැතිව කියන කවි චූටි දූට මිහිරක් හෝ සතුටක් නොවන්නට ඇත..බෝනික්කෙකුවත් නළවා නැති මම කෙසේ කරන්නදැයි හිතුවත්....හදේ උපන්... තාත්තා..යන ඒ ආදරය ....කළ නොහැක්කක් නොමැත යන තත්වයට පත් කලේ පුදුමයකිනි..

.....................



                                  දැන් ඇය උස් මහත් වී ඇගේ මව මෙන්ම හැඩට සිටී..
මගේ කෑම වට්ටෝරු ඇයට දිව බොජුන් වේ. ඇය ආසාවෙන් ඒවා රසබලන විට මා ඇය වෙනුවෙන් උයන්න පුරුදු වූ හැටි මතක් වේ..ඒවා සුසුම් පමණක්ව වීම සිතට සැහැල්ලුවකි. ඈ තුලින් ඇයව මටම මැවී පෙනේ.අපේ අම්මාගේ සුපුරුදු වදන මට නිතරම මතක් වේ.


"චූටි දූ...ඔයා අම්මා වගේමයි.හැබැයි තාත්තා වගේ හයියට ඉන්න ඕනි..තේරුනාද..."


  කෙදිනකවත් නොතිබූ ඒ හයිය ආවේ ඇයව කුඩා අවදියේ නලවන්නට මා ගත් උත්සාහයෙනුයි.දූට අම්මත් තාත්තත් දෙදෙනාම වූයේ මාය.සඳූ නොමැති වුවත් ඈ මා සමඟම සිට ඇති වගක් දැන් නිතරම දැනෙන්නේ ය.
           ඇය මා දමා යාවි..එය ලෝ ස්වභාවයයි.එසේ වුවත් අම්මාගේත් තාත්තාගේත් දුක එකටම ඉසිලීම කෙතරම් අමාරුදැයි මට කිසි දිනෙක ඇයට කියා දීමට නොහැකිවේවි.......

❤❤❤වදන් කෙටි වූයේ පිරිමි හිත තුළ උපන් හැගීම් වලට ඍජු බවක් මිස ඒවා තුළ රසකළ උපමා අලංකාර නොමැති හෙයිනි..❤❤❤    



               

28 comments:

වටාපතින් එපිට ට ගියෙමි

ඇස් වල කෙවෙනි පිය වෙනකං ඒ පඩිපෙළ දිහා බලන් ඉදල ඉදල බැරිම තැන මම යන්න කියල කල්පනා කලා ... බලා සිටීමත් ප්‍රේමයක් උනත් මට මෙය විටෙක කලකිරීමක් ව...